සති දෙකක පමණ කාළයකට පසු ඉතා අමාරුවෙන් මට නැවතීම සඳහා නවාතැනක් සොයා ගැනීමට හැකිවිය. වයස අවුරුදු 50 කාන්තාවක් පමණක් ජීවත්වූ එහි ඉදිරිපස කාමරය මට වෙන්කොට තිබුනු අතර වෙනමම දොරක් එලියට යාම සඳහා සාද තිබුනි, පරණ ගෙයක් වූ එහි අවට වල්බිහිවී තිබුනි.
කාමරය තුල මට නිදා ගැනීමට ඇඳක් සමග මේසයක් සහ පුටුවක් තබා තිබුනි. ගමන් මලු දෙක බිමින් තැබූ මම ඇඳේ වාඩිවී මගේ ජීවිතයේ අනාගත අවිනිෂ්විත බාවය ගැන කල්පනා කිරීමට පටන් ගතිමි,
මගේ මවුපියන් මට ලබාදුන් නම යසිරු ය. මම කුඩා කාළයේදීම මගේ මව හදිසි අනතුරකින් මෙලොව හැරයාම මගේ අවාසනාවේ ආරම්භය විය. පසුව තාත්තා නැවත විවාහ වී කුඩම්මා කැන්දාගෙන ආවත් ඇය මට සැලකීමක් දැක්වූයේ නැත. කෙසේ වෙතත් තාත්තා සැමවිටම මා ගැන සොයා බැලීම නිසා ඇය මට වෙනස් කම් කිරීමට බය විය. තාත්තාට එම විවාහයෙන් දරුවන් දෙදෙනනෙකු ලැබුන නමුත් මා උසස් පෙළ කළ පසු ඔහුද මෙලොව හැර ගියේය.
එම සිදුවීමෙන් පසු කුඩම්මා සහ ඇයගේ නෑදෑයින් මට දැඩිසේ වෙනස්කම් කිරීමට පටන් ගත්හ. අවසානයේ ගෙදර එපාවූ මා, ඇඳුම් කිහිපයක් සහ එකතුකළ කුඩා මුදලක් පමණක් ගෙන, නැවත නො එන අදහසද ඇතැතිව ගෙදරින් පිටවිය.
ගෙදරින් පිටවූ පසු ජීවිතයේ කර්කෂ බව මට අවබෝද විය. මුලදී අත තිබු මුදල්, කෑම සහ නවාතැන සඳහා භාවිතා කළත් සිතූ පරිදි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා මුුුදල්ද හිඟවිය. එසේම මම ස්වභාවයෙන්ම කෙට්ටු අනෙක් පිරිමින්ට වඩා උසින් අඩු පුද්ගලයෙක් වූ නිසා ලබා ගතහැකි පහසුම රැකියාව වූ කුළී වැඩද දිගටම කරගත නොහැකි විය.
කෙසේ වෙතත් මා කුලී වැඩ කල ස්ථානයක අයිති පුද්ගලයෙක් මගේ විස්තර දැනගෙන මට දුෂ්කර පෙදසක NGO එකකට සම්බන්දව තාවකළික රැකියාවක් ලබා ගැනීමට උදවු කළේය.
රැකියාව සඳහා පැමිනියත් මට නැවතීම සඳහා තැනක් තිබුනේ නැත. පසුව රැකියා ස්ථානයේ අය මට උදවු කර මෙම පරන ගෙදර මට නැවතීම සඳහා සකස් කර දෙන ලදහ.
එහි සිටි කාන්තාවද අවශ්‍යතාවයකට මිස මා සමග කතාවට පැමිනියේ නැත. කෙසේ වුවද කල් යත්ම අසල්වාසීන් ගෙන් ඇය ගැන සමහරක් තොරතුරු මට දැන ගැනීමට හැකි විය.
ඔවුන්ගේ තොරතුරු අනුව ඇය මෙම පෙදෙසෙහි වාසය සඳහා පැමිණ ඇත්තේ අවුරුදු තුන හතරකට පෙරය. මුළදි ඇයගේ තරුණ දියනිය ඇය සමග සිට ඇති අතර අවුරුද්දකට පමණ පෙර දියනියද ඇය අතහැර දමා ගොස් ඇත. තවද මෙම කාන්තාව සැමවිටම අසල්වාසීන් සමග දුරස්තව සිට ඇති අතර ආයුර්වේද වෙදකම සහ ගුරුකම් පිළිබඳ හසල දැනුමක්ද ඇය සතුව තිබී ඇත.
ගෙදර සිටියේ දෙදෙනකු වුවද වඳුරන්ගෙන් අඩුවක් නොවීය. වඳුරන් වහල උඩද ගමන් කිරීම නිසා උලු වලට වන හානිය අවම කර ගැනීමට ඒවා උඩට ලී පටි යොදා තිබුනි. මා සිටි ඉදිරිපස කාමරයේ වහලට එවැනි ආරක්ශක ක්‍රමයක් උපයෝගී කරගෙන තිබුනේ නැත. එක් වැසි දවසක සවස රැකියාවට ගොස් පැමිණ කාමරයට ඇතුලුවූවිට වහලේ සිදුරු තුලින් වැසි වතුර වැටී ඇඳ සමග මුලුු කාමරයම වතුරින් තෙත්වී තිබෙන බව මට පෙනුනි.
කාමරයේ තිබූ කොස්ස අතට ගත් මා වතුර ඉවත් කිරීමට පටන් ගත්විට ශබ්දය ඇසී ඇයද එලියට ආවාය. මට කාමරයේ සිටීමට නොහැකි බව තේරුන් ගත් ඇය තාවකාලිකව මට ගෙදර ඇතුලත කාමරයක් දීමට කැමැත්ත පලකළාය. ඇය මට දුන් කාමරය තුල ඇඳක්, අල්මාරි දෙකක්, කණ්නාඩි මේසයක්, පුටුවක් සහ ඇඳුම් තබා තිබීමට රඳවනද විය. එම කාමරය මීට පෙර ඇයගේ දුව භාවිතා කළ එක බවට මට සැකයක් නොවීය. අල්මාරි ලොක්කර තිබූ අතර කණ්නාඩි මේසයේ ලාච්චු තුල මොනවත් නොවිය. කෙසේ වෙතත් ඇඳ සැප පහසු එකක් වූ නිසා මට වෙනදට වඩා පහසුවට නිදාගත හැකිවිය.
පසුුදා උදයේත් වැස්ස දිගටම පැවතුනත් නිවාඩු දවසක් වුන නිසා මට එයින් කරදරයක් වූයේ නැත. කාමරය අඳුරුව තිබීම නිසා ජනේලය ඇරීමට උත්සාහ කළත් කණ්නාඩි මේසය එයට හරස් කර තිබීම නිසා මට එය කළ නොහැකිවිය. බර මේසයක් වූ එය තල්ලුකර ඉවත් කිරීමට උත්සාහ කළත් සාර්තක වූයේද නැත.
බර අඩුකිරීම සඳහා මේසයෙහි ලාච්චු එකින් එක ඉවත් කරත් එක ලාච්චුවක් ඉවත් කිරීම අපහසු විය. පසුව හොඳින් පරීක්‍ෂා කළවිට ලාච්චුවේ පසුපසට වෙන්න ලෑල්ලක් ගසා වෙන්කර එය දෙකට බෙදා වෙන්කර ඇතිබව මට අවබෝද විය. එය ලාච්චුවේ සැඟවූ කොටසක් බවත් ලාච්චුව සම්පූර්ණයෙන්ම එළියට ගැනීමේදී මිස වෙන අයුරකින් සොයා ගැනීමට නොහැකි සේ සාදා තිබිණි, ලාච්චුව බෙදා වෙන් කිරීමට යොදාගන්නා ලද ලෑල්ල හිරවීම නිසා මට එය එලියට ගැනීමට නොහැකිවිය.
හිතේ ඇතිවුන කුතුහලය නිසා ලෑල්ල ඉවත් කළවිට එය තුල පොත් වගයක් තබා තිබෙනු දක්නට ලැබිණි. එක් පොතක් ඉවතටගෙන බැලූවිට ඒව දිනපොත් බවත් දිනපොතේ ඇතුල බැලූවිට සෑම දවසකම යම්කිසි දෙයක් ලියා ඇතිබවත් දුටිමි.
එහි තිබූ දිනපොත් දහයකට වැඩි ප්‍රමානයක් එලියට ගත් මම මේසය තල්ලු කර ජනේලය විවෟත කිරීමෙන් පසු නැවතත් ලාච්චු පෙර පරිදිම තබා ඇඳට ගොස් දින පොත්වල ලියා තැබූ දේ කියෙව්වෙමි.
මුල් දිනපොත් දෙක තුනෙහි අඩුවෙන් ලියා තිබුනත් අනික් දිනපොත් වල දෛනික සිදුවීම් සවිස්තරව ලියා තිබුනි. දිනපොත් ගෙදර අයිතිකාරියගේ දුවගේ බවත් ඇය ඇයගේ අතිශ්‍ය පෟද්ගලික කරුණු එහි ලියා ඇතිබවත් පොත් සඟවා ඇත්තේ ඒනිසා බවත් මට අවබෝද විය. නවකතාවක් ලෙස උනන්දුවෙන් සියලු පොත් කියවූ මට අවසානයේදී ඇයගේ මුලු ජීවිත කතාවම දැනගත හැකිවිය. ඇය ගෙදරින් ඉවත්ව යාමේදි මේ පොත් රැගෙන නොගියේ ඇයිද යන්න මට ප්‍රෙහෙලිකාවක් විය.
දින කීපයකට පසු වහල පිලිසකර මට නැවත ඉදිරි පස කාමරයට යාමට සිදුවූවත් සියලුම දිනපොත් මා ලඟ තබාගතිමි. කිවනොහැකි හේතුවක් නිසා මා නැවත නැවතත් පොත් සියල්ල කියවූ අතර අවසානයේ මූලික කරුණු ඇතුලු සියලු දේ මතකයෙන් කීමට මට හැකිවිය.
දිනපොත් වල මුල් පිටුවේ චලනි යනුවෙන් ලියා තිබුන නිසා ඇයගේ නම චලනි බව මම අනුමාන කලෙමි. ඇය ලියා තිබුන පරිදි ඇයගේ පියා ඇය කුඩා කලම මියගොස් ඇත. පාරම්පරිකව දේපලවලින් ස්ථිර ආදායමක් ලැබුන නිසා ඔවුනට මිළ මුුදලින් අපහසුවක්වී නොමැත. චලනිගේ සීයා පලාතේ නමගිය අයුර්වේද වෙදමහතෙක් වූ අතර ගුරුකම්ද දැනසිට ඇත. චලනිගේ මව පවුලේ එකම දරුවා විය. මේ නිසා සීයා දත් සියලු දේ කාලයත් සමග ඇයගේ මවට උරුම විය. කෙසේ වෙතත් සීයාගේ මරණින් පසු ඇයගේ මව සීයා මෙන් වෙද සහ ගුරුකම් කිරීමට පෙලඹී නොමැත.
සීයා සහ ඇයගේ පියා මිය යාමෙන් පසු නෑයන් කිහිප දෙනෙකු සමග ඉඩම් සම්බන්දව ඇතිවූ ආරවුල් නිසා ඇය මෙම ඉඩම සමග ගෙය මිළදී ගෙන චලනි සමග පදින්චියට පැමින ඇත.
එසේම ඔවුන් අසල්වාසීන්ද ඇසුරු කරනැත. මේ නිසා අසල්වාසීන් මෙය ගුප්ත ගදරක් ලෙස හඳුන්වා ඇත.
චලනි දිනපොතෙහි ලියා තිබූ ආකාරයට ඇය වැඩිවියට පත්වූ පසුව දැඩිව රූපලාවන්‍යයටත්, විලාසිතාවලටත් ඇලුම් කර ඇත. එසේම ඇය සැමවිටම ඇයගේ රුව ගැන අසතුටින් සිට ඇත.
ස්වභාවයන්ම පියකරු සිත් ඇදගන්නා රුවක් ඇය සතු වූවත් එයින් ඇය තෘප්තිමත් වී නැත. මේ නිසා රුව වැඩිකර ගැනීමට ඇය ඇයගේ පරම්පරාවෙන් සතුවූ වෙද කමත් ගුරු කමත් යොදාගැනීමට උත්සාහ කර ඇත.
මෙහිදී සීයාගෙන් අම්මාට වෙද සහ ගුරුකම් පිලිබඳ හසල දැනුම ලැබී තිබුනත් චලනිට එය අම්මාගෙන් ලැබීතිබුනේ කොටසක් පමණි. මේ නිසා ඇය අම්මාගෙන් උදවු ඉල්ලා ඇති අතර අම්මා එයට එකඟ වී නැත. පසුව ඇය තම මව දැනුවත් නොකර විවද අත්හදා බැලීම් කර ඇත.
අවසාන පරිච්චේදයේ එම අත්හදා බැලීම් නිසා ඇයට විවිද ව්‍යාකූල සහ විකෲති තත්වයන් ඇතිකර ඇති බව සඳහන් කර තිබිණි. අවසානයේ ඇයට සිදුවූ දෙය පිළිබඳව අවබෝදයක් දිනපොත් තුලින් මට දැනගත නොහැකිවිය. දිනපොත කියවීමේදී user names සහ passwords වගයක් ලියා තිබෙනු දක්නට ලැබුනත් ඒවා ගැන අවබෝදයක් මට නොවීය. දිනපොත් පිළිබඳ විස්තර සඟවා තැබීමට මා තීරනය කර සිටි නිසා චලනිගේ අම්මාගෙන් චලනි ගැන කිසිවක් නොවිසීමට මම තීරනය කලේමි.
මම ආර්ථික ප්‍රශ්න නිසා සෑහෙන කාළයකින් කොණ්ඩය කපා තිබුනේ නැත. කොණ්ඩය උරහිස් වලින් පහලට එනතෙක් දික්වී තිබූ අතර එය හොඳින් පීරා නොතිබීම නිසා කැරලි ගැසී තිබුනි. එසේම කාමර මාරු වීමත් සමග මම චලනිගේ අම්මාට ඇන්ටි කියා ඇමතීමට පුරුදුව සිටියෙමි.
දවසක් සවස ඇය මා අමතා
"යසිරු, මොකද ඔය කොන්ඩෙ හැටි, පීරන්නෙ නැද්ද"
"මේක කරදරයක් ඇන්ටි, කපල දාන්න ඕන, මට පීරන්න අමාරුයි",
"අපරාදෙ කොණ්ඩෙ ඔයට ලස්සනයි, ඉන්න මම පීරන්නම්" කියා ඇය ගෙතුලට ගිියාය.
මට චලනි දිනපොතෙහ ලියා තැබු දෙයක් මතක් විය.
ඇන්ටි දිගු කොන්ඩයකට චලනිව උනන්දු කිරීමට උත්සාහ ගත්තත් ඇය එයට කැමැත්තක් දැක්වූයේ නැත. මේ නිසා ඔවුන් අතර ගැටුම් ඇතිවිය. එයට අමතරව ඇන්ටි චලනිගේ කොන්ඩය පීරා සකස් කරනවිට සැමවිටම ඇය සමග ගෙදර ඉදිරි පසවූ අඹ ගස යටට ගොස් එය කිරීමට පුරුදුව සිටියහ.
Tags:
චලනි