චලනි 09

මා යසිරුව සිටි කාළයේ ඇන්ටි මට මෙලෙස පෑඩ් දුන්නේනම් එය මට ගෙන දෙන්නේ ලැජ්ජාවකි. නමුත් දැන් මට එවැනි ලැජ්ජාවක් සිතට ආවේ නැත. මට ඇතිවූයේ ආඩම්බරයක් සහ ආත්ම විස්වායකි. ගෙදර පැමිණි පසු, අම්මා, "මේකත් තියාගන්න" කියා මා අත චලනිගේ ජාතික හැදුනුම් පත තැබීය. අම්මා මට පෑඩ් සහ චලනිගේ ජාතික හැඳුනුම් පත දීමෙන් මට හැඟුනේ මා දැන් සම්පූර්ණයෙන්ම චලනි බවට පත්වී ඇති බවය. කෙසේ වෙතත් මාසික ක්‍රියාවලිය වී මා සම්පූර්ණ තරුණියක බවට පත්වූ බව තහවුරු වන තෙක් මට තිබුනේ නොඉවසිල්ලකි. පසුදා අම්මාගේද ඉල්ලීම පරිදි ගමන් මලුවල තබා තිබූ මා යසිරු ලෙස සිටි කාළයේ මා සතු සියලුදේ ගිනිතබා විනාස කලාය. ඇය කියා සිටියේ අනාගතයේදී එම දේවල් තුන්වන පුද්ගලයකුගේ අතට පත් වුවහොත් අනවශ්‍ය ප්‍රෂ්න වලට අපට මුහුණ පාන්නට සිදුවේ යන්නය. සති තුනකින් පමණ අම්මා කිව්ව ලෙස මගේ ඔසප් චක්‍රයද ආරම්භවිය. ඔසප් චක්‍රය සිදුවීමට පලමුව මට වේදනාව දැනුනත් මට එය ගැන තේරුමක් නොවිය. මා අම්මා දැනුවත් කල පසු ඇය එය අනුමාන කලාය. වේදනාවට පසු දා මා ඇඳ සිටි යට ඇඳුම්වල ලේ තැවරී තිබෙන බව දුටු මම අම්මා දැනුවත් කල පසු ඇය, "බය වෙන්න එපා ඕක සාමාන්‍ය දෙයක්" කියා, "ඒ දවස්වල අපි ඔයාට උත්සවයක් ගත්තා, ඒ වුනාට යසිරුගෙ ඇඟ නිසා මේක විශේෂ අවස්ථාවක්, ඒ නිසා උත්සව නැතිව, චාරිත්‍ර විතරක් කරමු" ඇය කීවාය. ඇය වේලාව බලා නැකතක් සැදුවාය. අපේ ගෙදර සිටියේ අම්මාත් මාත් පමණක් නිසා මට අනිත් තරුණියන් මෙන් කාමරයක සිරවී සිටින්නටත් අනෙක් වැඩිහිටි කාන්තාවන් ගෙන් අවවාද අනුසාසනා ලබන්නටත් සිදුවූයේ නැත. අම්මා මට සියලු අවවාද දුන්නාය. පාරම්පරික චාරිත්‍රවලට මුල්තැන දෙන කාන්තාවක් වූ අම්මා මා අඳින සියලු ඇඳුම් සමග යට සායක් ඇඳිය යුතු බව කීවාය. තරුණියන් අඳින පෑන්ට්ස් සමග කෙසේ යට සායවල් අඳින්නේදැයි යන පැනය මට ඇතිවූවත් මම ඒ ගැන අම්මාගෙන් ප්‍රෂ්න කිරීමට ගියේ නැත. දවස් පහකට පමණ පසු නැකත අනුව අම්මා මාව පිච්ච මල් සහිත වතුරෙන් නාවා මට අලුත් ඇඳුමක් අන්දා ආභරන වගයක් තෑගි දුන්නාය. එම කටයුතු එසේ අවසන් වූ අතර අම්මා මට තරුණියක් ලෙස ගෙදර දී දත යුතු සියලු දේද පුහුණු කරමින් සිටියාය. පසුව ටිකෙන් ටික මම චලනිගේ(දැන් මගේ) සමාජ ජාලාවලට ලියන්නට පටන් ගත්තාය. එහිදී කාළයක් නිෂ්ශබ්දව සිටීම ගැන ඔවුන් ඇසූවිට මට ඒවාට පිලිගත හැකි පිලිතුරු දීමට සිදුවිය. අම්මට මා සමග ඇයගේ නෑයන් සමුවීමට අවශ්‍ය වූවාය. චලනිගේ මියයාම ඇය රහසිගතව තබාගැනීම නිසා ඇය කාළයකට ඔවුන් හමුවී තිබුනේ නැත. මෙය මට බියජනක දෙයක් වූූවත් මා දැන් චලනි නිසා අම්මා සිතා සිටියේ මට සියල්ල මතකයේ ඇති බවය. නෑයන් ගැන හොඳ අවබෝදයක් තිබුනත් ඔවුුන් සමග හැසිරෙන ආකාරය පිළිබඳ මට අවබෝදයක් තිබුනේ නැත. අවසානයේ නෑයන් හමුවූවත් මම ඔවුන් සමග කතාවට නොගොස් පාඩුවේ සිටියෙමි. මේ නිසා ඔවුනට මා ආඩම්බර කෙල්ලක් සේ හැඟෙන්නට ඇත. කෙසේ වෙතත් විශේෂයෙන්ම කාන්තාවන් ආශ්‍රය කිරීමේදී මට වැඩිපුර පුහුණුවක් අවශ්‍ය බව මට වැටහින. මට ගෙදරදී අම්මාගෙන් ඇඳුම් මැසීමටත් ඉවුම් පිහුම් වලටත් පුහුණුව ලැබෙන නිසා රූපලාවන්‍යය පිලිබඳ හැදෑරීම සඳහා පන්තියකට යාමට මම අදහස් කලෙමි. එහිදි මට මගේ වයසේ තරණියන් ආශ්‍රය කිරීමට ලැබීම අමතර වාසියක් වූවත් අම්මා කැමති කරවා ගැනීමට මට දැඩි ආයාසයක් කිරීමට සිදුවිය. මුලින්ම මට තණියම තරුණියක ලෙස පොදු ප්‍රවාහන පද්ධතිය භාවිතා කිරීමට සිදුවිය. අනිත් කාන්තාවන් හැසිරෙන ආකාරය නිරීක්‍ෂනය කළ මා ඔවුන් අනුගමනය කලාය. රූපලාවන්‍යය පාඨමාලාව හදාරද්දී මට තරුණියන් කිහිප දෙනෙක් සමීප යෙහෙලියන් බවට පත්කර ගැනීමට හැකිවීම නිසා මට ගැහැනුන් ආශ්‍රය කිරීමේදී තිබූ බය සහ සබකෝලය නැතිකර ගැනීමටද හැකිවිය. යෙහෙලියන් නිසා ටික කාලයකින් මගේද ඇහිබැම කවාකාරව සිහින් විය. ගෙදරින් පිටතට යාමේදී සැම විටම මගේතොල් ලිප්ස්ටික් නිසා වර්ණවත් විය. බොඩි වැක්ස් සහ මේකප් මට නැතිවම බැරි දෙයක් විය. සම පැහැපත් කිරීමට ගන්නා විවිධ ක්‍රීම්, ලිප්ස්ටික්, කියටෙක්ස් වර්ග මගේ කණ්ණාඩි මේසය මත ගොඩ ගැසිනි. යෙහෙලියන් සමග සාප්පු සවාරි යාමට මා ප්‍රියකල අතර විවද ඇඳුම් යට ඇඳුම් සහ පාවහන් මිලදී ගැනීම මටද පුරුද්දක් විය. මා යසිරු ලෙස සිටියදී සිතා සිටියේ කෙල්ලන් ලස්සනට හැඩවෙන්නේ කොල්ලන්ගේ අවධානය ගැනීමට බවය. නමුත් ඒ අදහස වැරදි බව මම අද දනිමි. මම අනික් කෙල්ලන්ට වඩා හැඩට සිටීමට සැම විටම ආශා කලෙමි. මගේ මිල අධික විවිධ යට ඇඳුම් පවා යෙහෙලියන්ට පෙන්වා ඔවුන්ට මා කෙරෙහ ඊර්‍ෂ්‍යාවක් ඇතිකර ඉන් වින්දනයක් ලැබීමට මම උත්සාහ කලෙමි. එසේම යෙහෙලියක් හැඩට සිටිනු දුටුවොත් මගේ සිතටද ඇය ගැන ඊර්‍ර්‍ෂ්‍යා ඇතිවන අවස්තා ඇත. මටද ගැහැණු සිතක් ඇති නිසා මෙසේ ඇතිවන බව මම දැන් දනිමි. සාමාන්‍ය තරුණියක මෙන් මාද හැඩට ඇඳ පැලඳ අවසානයේ කණ්නාඩියට සිනාවකින් සංග්‍රහ කිරීමට පුරුදුවිය. සමහර වේලාවට මා අඳින ලද ඇඳුම් සහ යට ඇඳුම් නිසා මගේ පෑන්ටිය තෙත්වුන වෙලාවල්ද විය. මෙවැනි හැඟීම් මා යසිරු ලෙස සිටියදී මට තිබුනේ නැත. අම්මා කිව් පරිදි මට දැන් පිරිමි අවයව කිසිවක් ඉතිරිව නැත. මා සම්පූර්ණයෙන් චලනි බවට පත්ව ඇත. යසිරු ලෙස ගෙවූ ජීවිතයද සෙමෙන් මගේ මතකයෙන් ගිලිහී යනු ඇත. මුලදී අම්මාට මා විලාසිතා කිරීම ගැන කැමැත්තක් තිබුනේ නැත. නමුත් අනිත් තරුණියන් මෙන් මටද ආශාවන් ඇතිබව ඇය පසුව තේරුන් ගත්තාය. මේ නිසා යට සාය නොමැතිව මම පෑන්ට්ස් ඇන්ද විට ඇය එය දෙස උපේක්‍ෂාවෙන් බැලුවාය. එසේම ඇය දුන් නිදහස වැරදි විදියට මම බාවිතා කළේ නැත. මම චලනි ලෙස ජීවිතය ගෙන ගියාය. මට වැඩිදුර අධ්‍යාපනය අවශ්‍ය බව අම්මට කී විට නගරයේ පදින්චියට යාමට අපට සිදුවිය. යසිරු ලෙස ජීවත් වීමේදී මට සැමවිටම තිබුනේ ප්‍රශ්නය. මේ නිසා ජීවිතයේ සතුටක් තිබුනේම නැත. මා චලනිවූ පසුව මට නොලැබුනු අම්මාගේ සෙනෙහස ලැබුනි. එයට අමතරව උසස් අධ්‍යාපනය, මිල මුදල්, යෙහෙලියන්, ඉන්නට තැනක් ආදියද ලැබුනි. ඒ නිසා මම අද සතුටින් සිටිමී. කෙසේවෙතත් චලනිගේ ආත්මයද මට බලපෑම් කරන බව මම දනිමි. මෑතක සිට අලුත් විලාසිතාවලටත් ඒවා අත්හදා බැලීමටත් මට ඇත්තේ දැඩි කැමැත්තකි. මෙහි අවසානය මෝස්තර නිරූපිකාවක්ද යන සැකය දැන් මගේ සිත තුලට පැමිණ ඇත.
Previous Post Next Post