අපේ පවුලේ හතර දෙනෙකු ගෙන් යුක්ත වූ අතර අම්මා, තාත්ත, අක්කා සහ මම (මගේ නම දනුක) මෑතක් වනතෙක් හොඳින් ජීවත් වූහ. නමුත් මාස කීපයකට පෙරදී වුන යම් කිසි සිදුවීමක් අපගේ ජීවන රටාව සම්පූර්ණයේම වෙනස් කිරීමට සමත් විය.
මෙම සිදුවීම වනවිට මට උසස් පෙළ විභහගය සඳහා තිබූයේ මාස දෙකක් පමනි. අක්කා පාසල් අධ්‍යාපනය අවසන් කොට ගෙදරටවී සිටියාය. රැකියාව නිසා තාත්තා සැමවිටම කාර්‍යබහුලව කල්ගත කළනිසා ඔහුට අප සඳහ කාළය වැය කිරීමට වැඩි අවස්ථාවක් ලැබුනේ නැති නමුත් අම්මා ගෘහනියක් නිසා සැම විටම මා සහ අක්කා සමග කාළය ගත කළාය. සාමාන්‍යයෙන් පවුලක අම්මා ගේ ආදරය වැඩියෙන් ලැබෙන්නේ පිරිමි දරුවන්ට වූවත් අපේ ගෙදර එය වැඩියෙන් ලැබුනේ අක්කාටය. මට තේරුනු පරිදි එයට එක හේතුවක් වන්නේ මම පාසල් කාළයෙන් පසුවත් වැඩිවේළාවක් ගෙදර නොසිටීමත් අක්කා ඇයට සැමවිටම උදවු වි ගෙදරටවී සිටීමත් ය. එය එසේ වුවත් ඇය කිසිදා මට වෙනස් කමක් නොකළ නමුත් අක්කා සහ මම රන්ඩු වනවිට ඇය සැම විටම ගත්තේ අක්කා ගේ පැත්තය.
මා පෙර කී පරිදි වූ සිදුවීම නම් අක්කාට අවාසනාවන්ත ලෙස ඩෙන්ගු රොගය වැළඳීමයි. අප සියලු දෙනාම ඇයව සුවකිරීමට අපගේ පූර්ණ උත්සාහය යෙදුවත් එය සාර්තක වූයේ නැත. අවසානයේදී ඇය නැවත නොඑන්නටම අප හැර ගියාය. අක්කාගේ වෙන්වීම අප තිදෙනාටම බලපෑව නමුත් කාළය මා සහ තාත්තා යථා තත්වයට පත් කළේය. තාත්තා පුරුදු පරිදි රැකියාවේ යෙදුන අතර මා උසස් පෙළ විභහගයට පෙනී සිටියේය. නමුත් අම්මා පෙර තත්වයට පැමිණියේ නැත. ඇය සැම විටම අක්කා ගැන සිහි කරමින් කණගාටුවෙන් කල් ගත කළාය. විභහගයෙන් පසුවද මා පෙර පරිදි ගෙදරින් පිටත කාළය ගත කළ අතර අප තුන් දෙනා හමුවූයේ ඇඳිරි වැටුනාට පසුවය.
මා ගෙදර වැඩිපුර නොසිටියත් අම්මාගේ එදිනෙදා හැසිරීමේ වෙනස අවබෝද වීමට මට අපහසු නොවීය. ඇය මීට පෙර හැම විටම ගෙදර පිරිසිදුව තබා ගැනීමටත් අපගේ කිළිටි ඇඳුම් දුටුවහොත් ඒවා සෝදා දැමීමටත් වේලාවට කෑම පිසීමටත් පුරුදුව සිටියත් දැන් ඒවා දිනපතාම අතපසු කරන්නට වූවාය. තාත්තාටද මෙය තේරුම් ගිය නිසා ඔහු මා සමගද මේ සම්බන්දව කතා කර අම්මා වෛද්‍යවරයෙක් වෙත යොමු කළාය. අම්මා පරීක්‍ෂා කළ වෛද්‍යවරයා ඇය මානසික අවපාතයකින් පීඩා විඳින බව පවසා ඇයට විවේකය අවශ්‍ය බවත් ඇය තනිනොකරන ලෙසත් ඉල්ලා එයට අමතරව ආම්මට නොකඩවා ගැනීමට බෙහෙත්ද නියම කළේය. අපට ජීවත් වීමට මදල් උවමනා නිසා තාත්තාට එය කළ නොහැකි කාර්‍යයක් වූ අතර අවසානයේ මට ගෙදර සිට අම්මා සහ ගෙදර බලා ගැනීමට සිදුවිය.
අම්මා වැඩ අතපසු කරන බැවින් මට සැමවිටම ඇයට උදවු කිරීමට සිදුවූ නිසා වැඩි කලක් නොගොස් ගෙදර වැඩ සියල්ල ගැන සම්පූර්න අවබෝදයක් මට ලබා ගැනීමට හැකිවිය. එසේම අම්මාගේ අසනීප තත්වය මත ඇය කෑම ගැනීමට උනන්දු නොවුන නිසා දිනෙන් දින දුර්වල වු අතර අවසානයේ ගෙදර සියලු වැඩ මට කිරීමට සිදුවිය. කල් යත්ම එදිනෙදා ගෙදර වැඩ කිරීමට මා පුරුදු වූවත් ඇයට කෑම කැවීමනම් ඉතා අසීරු විය. අම්මා කෑම නොගැනීම නිසා ඇය ශාරීරිකව දුර්වළ වූ අතර වෛද්‍යවරයා කීවේ කෙසේ හෝ ඇයට කෑම කවන ලෙසයි.
අක්කාගේ අසනීප තත්වයත්, මරණයත් සමග අම්මා ලෙඩවීම නිසා ගෙදර ආර්ථික තත්වය යහපත් වූයේ නැත. මේ නිසා ගෙදර තිබූ අනනවශ්‍ය දේ විකුනා ඉන් සුලු මුදලක් හෝඋපයා ගැනීමට අපිට සිදුවිය. අක්කාගේ ඇඳුම් අපට නැවත අවශ්‍ය නොවන නිසා ඇයගේ අල්මාරිය විවෟත කර ඇඳුම් පෙට්ටියක අසුරා පසුව විකිනීමට හෝ එය අවශ්‍ය කෙනෙකුට දීමට මම තීරණය කලෙමි. මෙසේ අසුරමින් සිටියදී ඇයගේ කොළර් නැති ටී ෂර්ට් අපහසුවක් නැතිව මටද ඇඳීමට හැකිබව තේරුන නිසා ඒවා ගෙදර බාවිතයට යොදා ගතිමි. එයින් එකක් ඇඳ දහවල් අම්මාට කෑම කැවීමට ගිය විට ඇය ටී ෂර්ට් එක දැක
" ඕක අක්කගෙ නේද....? " යනුවෙන් විමසා "ඔයාට හොඳට ගැලපෙනවා.." යයි කීවාය.
එදින දහවල් ඇය වෙනදට වඩා කෑම ප්‍රමානයක් ආහාරයට ගත්ත නමුත් රාත්‍රී මම මගේ ෂර්ට් එකක් ඇඳ කෑම කැවීමට උත්සාහ කළවිට ඇය අක්කාගේ ටී ෂර්ට් ගැන විමසා පෙර පරිදි කෑම ප්‍රතික්‍ෂේප කළාය. මෙම හේතුව නිසා මම දිනපතා අක්කාගේ ටී ෂර්ට් ඇඳ ඇයට කෑම කැවීමට යොමුවූ අතර මෙය තාත්තාට කිව්ව විට ඔහු කියා සිටියේ කෙසේ හෝ ඇය නිරෝගිව තබා ගැනීම අපගේ වගකීම බවය.
අක්කාගේ ටී ෂර්ට් ඇඳ අම්මාට කැවීම පහසු වුවත් එකම ෂර්ට් දිගටම ඇඳ සිටින විට ඇය කෑම ප්‍රතික්ශේප කරන අවස්ථාද විය. මේ නිසා අක්කාගේ කොළර් සහිත ටී ෂර්ට් පළමුවත් ඇයගේ ඉදිරි පස බොත්තම් තිබු බ්ලවුස් ඊට පසුවත් ඇඳ සිටීමට පුරුදුවීමි. මුලදී ඒවා ඇඳීමේදී ලැජ්ජාවක් ඇතිවුවත් ගෙදරට කිසිම කෙනෙක් නොපැමීනීමත් අම්මා පමනක් සිටීමත් තාත්තා ප්‍රශ්න නොකිරීමත් නිසා පසුව එම අපහසුතාවය මගඇරී ගියේය. එකම වෙනසවුයේ ඉදිරියෙන් වු අමුනන බොත්තම්වල පැත්ත මාරුවී තිබීම පමණි. කල් යත්ම අක්කාගේ ෂර්ට් සහ බ්ලවුස් මාගේ ෂර්ට් වලට වඩා සැහැල්ලු සහ ඇඟට සනීප බව මට හැඟුන නිසා එවා දිගටම ගෙදරට ඇඳීමටද පුරුදුවිය.
Tags:
අම්මා