පසුදා පාන්දරම මාව නින්දෙන් අවදිකළ අම්මා ඇය සමග ගයනි ආන්ටි හමුවීමට යාමට සුදානම් වනලෙස ඉල්ලා සිටියාය. තරුණියක ලෙස ඇඳ පැලඳ ගැනීමට මට දැන් බාහිර උදවු අනවශ්‍යවූ නමුත් මෙවර සොයුරිය විසින් මට දෙනලද බ්ලවුස් සහ ස්කර්ට් ඇඳීමට තීරනය කළ නිසා අම්මා මෙයට කෙසේ ප්‍රතික්‍රියා දක්වත්දැයි සැකයක් සිතතුල ඇතිවිය. මා සූදානම් වු පසු අම්මා පැමිණ විග් එක හොඳින් සැකසූ නමදු මට සොයුරියගේ ඇඳුම් ලැබුනේ කෙසේදැයි විමසුවේ නැත.
අප ගයනි ආන්ටි හමුවූ පසු ඇය පෙරදින කළ පරිදි මට සියලු යට ඇඳුම් ඇඳීමට සලස්වා පළමුවරට බෑගයෙන් සාරියක් ගෙන එය මට පෙන්වූවාය. එය ලස්සන ඉන්දියන් සාරියක් වු අතර එහි වර්ණයන් මා ඇඳ සිටින සාරි බ්ලවුසයේ සහ යට සායේ වර්ණයන්ට හොඳින් ගැලපිනි. පළමුව මා ඇඳසිටි බ්ලවුසයේ දෙපස තිබූ නූල් දෙක මගේ පිට මැදට සිටින්නට ගැටගසා දෙවැනිව සාරියේ එක් අවසන් දාරයක කොනක් යට සායට ගැටගසා එය වටයක් මා වටා ගෙනගොස් නැවත සායට යට කළ ඇය ඉන්පසු පුරුදු කාරියක ලෙස සාරිය මට අන්දවා අවසානයේදී එහි අනිත් දාරය හොඳින් නමා මගේ කර උඩින් ගෙනගොස් ආයා කටුවක් භාවිතා කොට බ්ලව්සයට ඇමුණුවාය. මුලදී, සාරිය ඉතා සිනිදු නිසා එය ඇඳගත් පසු පහසුවෙන් ගැලවී යනු ඇතයි මට සිතුනත් ඇය ආයාකටු හොඳින් යොදාගත් නිසා එය එසේ නොවන බවත් බය වීමට හේතුවක් නැති බවත් හැඟුණි.
සාරිය හොඳින් අන්දවා මට කන්නාඩිය ඉදිරිපස වාඩි වීමට සැලැස්වූ ඇය නැවත විග් එක හොඳින් සකසා ඉලෙක්ට්‍රික් ෆ්ලැට් අයන් එකක් මගින් කොන්ඩය ස්ට්‍රේට් කර එය පිටදිගට නිදහසේ වැටෙන්නට සැලැස්වූවාය. නැවතත් මගේ මුහුනට මේකප් දැමූ ඇය තොල්වල ලිප්ස්ටික්ස් තවරා මා පැළඳ තිබූ කරාබු ඉවත්කර සාරියේ පාටට ගැලපෙන වෙනත් කරාබු යුවලක්ද පළඳා එයටම ගැලපෙන වළලුද අත්වල පැළැන්දුවාය. සියල්ල කළබව ඇය පැවසූ පසු අම්මා පැමින ගෝල්ඩ් පාට මාලයක් මට පළන්දා තිබූ එකම අඩුවද සම්පූර්ණ කලාය.
මෙම රත්තරන් මාලය අම්මාට ඇයගේ ආම්මාගෙන් ලැබුන එකක් වූ අතර එය පැළඳිය යුත්තේ මගේ සොයුරිය වූවත් එය මට පැළැන්දීම ගැටලු සහගතවිය. අම්මාගෙන් එය විමසීමට මට සිත්වූවත් එයට සුදුසු වේලාව මෙය නොවන නිසා පසුව ඇයගෙන් ඇසීමට මම තීරනය කලෙමි. ඉන්පසුව ආන්ටි මට තරුණියන් භාවිතා කරන අත් බෑගයක් දී එහි බහා තිබූ ලිප්ස්ටික් ආදිය භාවිතා කරන ආකාරය ගැන කෙට විස්තරයක් කර මට සුබපැතූ පසු අම්මා මා සමග උත්සව ශාලාව බලා යාමට පිටත්වූහ.
කැබ් රථයකින් උත්සව ශාලාවට පැමිනි පසු අම්මා මාව මා සඳහා සූදානම් කරන ලද ස්ථායට කැඳවගෙන යන විට එහි මාබල් පොළොව මත මා පැළඳි පාවහන්වල අඩිය වැදීම නිසා මගේ කනට මිහිරිවූ හඬක් නිකුත්වූ අතර එම හඬ එහි සිටි පිරිසගේ අවධානය නිතැතින්ම මා දෙසට යොමු කිරීමට සමත් විය. ඒ කිසිත් නොසලකා පරිඝනකයක් සහිත මේසයක් සමීපයට ගියමට එයමත මගේ සොයුරියගේ නම ලොකුවට ලියන ලද ලේබලයක්ද තබා ඇති බව දුටිමි. මේසය අසල තබා තිබූ පුටුවේ වාඩිවූ මා අම්මා ගෙදරදී දුන් පුහුනුව අනුව කටයුතු කරන්නට වූ අතර අම්මා නිරතුරුවම මා ලඟට පැමින මා කරනලද වැඩ පරීක්‍ෂා කරන්නට විය. එසේම එහි සිටි සියලු දෙනා මට සොයුරියගේ නමින් අමතන්නටවූ අතර කට හඬ සහ කතා කරන ආකාරය ප්‍රශ්නයක් වූ නිසා මම ඔවුන් සමග කතාවට නොගයෙමි. එසේම කාර්‍යාලයට සම්බන්ද නොවූ තවත් තරුණියන් කිහිප දෙනෙක් මා මෙන් විවිද වැඩෙහි යෙදුනත් ඒ සියලු දෙනාම මා ගෙන් වෙන්කර තබා ගැනීමට අම්මා සැමවිටම වගබලා ගත්තාය.
මෙසේ වැඩෙහි යෙදී සිටින විට අමතක වීම නිසා බොහෝ වේලාවට මම තරුණියක ලෙස ඇඳ සිටියත් පිරිමි කෙනෙක් ලෙස හැසුරුණූ අවස්තා තිබුන නමුත් වාසනාවට අන් අයට එය අවබෝද කර ගැනීම අපහසු විය. වැඩ බහුල වීම හේතුකොට ගෙන කාළය පිළිබඳව හැඟීමක් නොවුන නිසා මෙසේ දවස ගෙවී ගිය අතර මුත්‍ර කිරීමේදී කාන්තා වැසිකිළියේදී සිදුවන කරදරය හැරුනුකොට සියල්ල හොඳන් සිදුවිය. වැඩ අවසානවී අම්මා සමග ගෙදර පැමිණි මා සොයුරියෙගෙන් අලුත් ගවුමක් සමග යට ඇඳුම්ද ඉල්ලාගත් නමුත් අම්මා එය ගැන කිසිත් විමැසුවේ නැත. ඇඳසිටි සාරිය ගලවා එය හොඳින් නවා අසුරා තැබීමට සොයුරිය උදවු කළ අතර ගවුම ඇඳගත් පසුව ඇයට දවසේ සිදුවීම් සියල්ල පැවසීමටද සිදුවිය. අම්මාද මා ධෛරමත් කරමින් මා අද දවසතුල කරන ලද වැරදි පෙන්වා දී හෙට ඒ වැරදි හදාගන්නා ලෙස ඉල්ලා සිටියාය. අද දවසේ මා ගතකළ කාළය ගැන මට ඇත්තේ සතුටකි. හෙට දවසින් පසු සියල්ල අවසන් වන බව සිහිවන විට දුකක් ඇතිවූවත් හෙට නැවතත් අලුත් සාරියක් ඇඳමට සිදුවන නිසා සතුටක්ද ඇතිවිය.
පසුදා උදයේද නින්දෙන් අවදිවූ මා පෙරදා සිදුවූ පරිද්දෙන්ම සොයුරියගෙන් ඉල්ලා ගන්නාලද ගවුමක් ඇඳ තරැණියකමෙන් සැරසී අම්මා සමග ගයනි ආන්ටි හමුවීමට ගියහ. ගයනි ආන්ටි අප බලාපොරොත්තුවෙන් සිටි අතර එහිදී ඇය පෙර පරිදි මට සූදානම් වීමට සලස්වා බෑගයකින් මා පෙර නොදුටු සාරියක් සමග එහි පාටට ගැලපෙන දිග යට සායක් සහ සාරි බ්ලවසයක් ඉවතට ගත්තාය. පළමුව මට බ්ලවුසය සහ යට සාය ඇඳ ගැනීමට සැලැස්වූ ඇය දෙවනුව සාරියේ එක කොනකින් පටන්ගෙන එය හොඳින් නමා මගේ කර උඩින් දමා ආයා කටුවකින් එය බ්ලවුසයට ඇමුනුවාය. ඉන්පසුව මගේ පපු පෙදසින් එය පහලට ගෙන එයද අසුවන පරිදි රෙදි පටියක් ඉනවටා ගැටගසා සාරියේ ඉනෙන් පහල කොටසක් රැලිදමා එය නැවත ඉනබැඳි රෙදි පටියට හිර කළාය. ඊයේ ඇය මා සාරිය අඳිනවිට මෙම රැලිවල උඩු කොටස සාය ඇතුලට යන ලෙස දමා හිර කළත් අද එසේ නොකොට එය සාය ඇතුලට නොඳමා රැලි ඉදිරියට එන ලෙස තබා රෙදි පටිය මගින් හිර කර තැබුවාය. ඉන්පසුව ඇය සාරිය මා වටා යවා යට සාය තුලට දමා හිරකර රෙදි පටියෙන් හිරකරන ලද රැලි ඉනවටා ගෙනගොස් නෙරිය හොඳින් සැකසුවාය. නෙරිය සෑදූපසු සාරි ගැන මට අවබෝදයක් නැති නමුත් ඇය අද මට අන්දන්නේ ඔසරියක් බව අවබෝද වීමට වැඩි වේලාවක් නොගියේය.
ඇය මට ඔසරිය අන්දා අවසන් වූ පසු මා කන්නාඩිය ඉදිරිපස වාඩිකරවා නැවත මේකප් කර අයිබ්‍රෝස් සාදා ලිප්ස්ටික්ද ආලේප කර කොන්ඩය සැකසීමට පටන් ගත්තාය. ඊයේ ඇය කොණ්ඩය ස්ට්‍රේට් කර පිට දිගේ නිදහස්ව තිබෙන්නට ඉඩ හැරියත් අද ඇය එය ඔසරියට ගැලපෙන පරිදි කොණ්ඩා කටු යොදා පොකුරක් ලෙස සකස්කලාය. එසේම ඊයේ කළ පරිදිම සාරියට ගැලපෙන පරිදි කරාබු හා වලලු පැලැන්දු ඇය අවසානයේද කන්නාඩිය ඉදිරිපස මාව සිටවා තබා අම්මා සමග හැඩ බලන්නට විය. මා ඔසරිය ඇඳ සිටිනවිට ඔවුන්ගේ හැඟීම් මට කිව නොහැකි වුවත් කන්නාඩිය තුලින් දකිනා තරුණිය මා යයි මටද විස්වාස කළ නොහැකි විය. එහිදි ආන්ටීද මා දෙස හොඳින් බලා මම කෙල්ලක් ලෙස ඉපදුනානම් හොඳයියයි පැවසූ අතර අම්මාද සිනාසී එය අනුමත කලාය.
මා කාන්තා අත් බෑගයද ගෙන අම්මා සමග පිටත් වීමට සූදානම් වනවිට ආන්ටි මා ඇඳසිටි සියලුම ඇඳුම් ගමන් මල්ලක දමා මා අතට දී මගේ කම්මුළ සිප මට සුබපතා අවශ්‍ය වුවහොත් නැවත එනලෙසද ඉල්ලා සිටියාය. මාද ඇයට ස්තූතිකර ඉතා සතුටින් අම්මා සමග උත්සව ශාලාව බලා පිටත්ව ගියහ.
උත්සව ශාලාව තුල වැඩ කිරීමේදී පෙර දිනයේදී මෙන් මට බයක් හො චකිතියක් ඇතිනොවු අතර අම්මාද මට තනියම වැඩ කරන්නට ඉඩදී මා සිටි ස්ථානයෙන් ඉවතට වී සිටියාය. මෙම හේතූන් නිසා මා තුල මා ගැනම විස්වාසය වැඩිවීමෙන් දහවල් වනවිට මා පිරිමියකු බව අමතකවී තරුණියක යන හැඟීමෙන් කටයුතු කරන්නට විය. මෙහිදී සමහර තරුණයින් මා සමග අනවශ්‍ය ලෙස කතා කරන්නට උත්සාහ කළත් ගෟරවාන්විතව ඔවුන්ගෙන් ඉවත්වී මට බාර කරන ලද වැඩවලට පමනක් අවධානය යොමුකර සිටිමටද මා සමත් විය. දවස අවසානයේදී සන්විධායක මණ්ඩලය අපහට ස්තූති කර මට ගැහැණු ඇඳුම් සඳහාම වු ෂොප් එකකින් ඇඳුම් මිළදී ගැනීමට ගිෆ්ට් වවුචරයක්ද දීමට අමතක නොකලහ. අම්මා සමග ගෙදර පැමිනෙන අතරතුර ඈ මගෙන් අද දවසේ සිදුවීම් ගැන විමසු අතර මා සියල්ල හොඳින් සිදුවූ බව පැවසූ විට මා මගේ සොයුරියට වඩා හොඳින් කටයුතු කල බව ඇය පැවසීය. මා ගෙදර පැමිනි විගසම සොයුරියට දවසේ සිදුවීම් කීමට සිදුවූ අතර ලැබුන ගිෆ්ට් වවුචරයෙන් මට වැඩක් නොමැති නිසා ඇයට දුන්විට ඇය එය අම්මා ඉදිරිපිටම ප්‍රතික්‍ෂේප කළාය. එය මා භාවිතා කළ යුතු බවත් ඉදිරි කාළයේදී එය මට අවශ්‍ය විය හැකි බවත් ඇය පැවසූ විට අම්මාද සිනාසී එය අනුමත කළාය.
පසුදින සෙනසුරාදා දවසක් වූ නමුත් තාත්ත රැකියාවේ කටයුත්තක් සඳහා දවස් කීපයකට ගෙදරින් පිටවගොස් තිබිනි. උදෑසන අවදිවු මා අම්මා සොයාගොස් කෘතීම පියයුරු ඉවත් කරන ලෙස ඇයගෙන ඉල්ලා සිටි විට ආන්ටි දුන් ගමන් මල්ලේ ඇති දියරය භාවිතා කරන ලෙස ඇය ඉල්ලා සිටියාය. ගමන් මල්ල පරීක්‍ෂා කලවිට එය සොයාගත නොහැකි වූූ නිසා දුරකථනය මගින් ආන්ටිගෙන් විමසූවිට ඇයට එය ඇසිරීමට අමතකවූ බවත් සවසට මට එය ලැබීමට සලස්වන බවත් පැවසීය. මේ හේතුව නිසා මට එදා දවස තුලද නැවතත් සොයුරියගේ ගවුමක් සමග යට ඇඳුම්ද ඇඳ සිටිමට සිදුවූ අතර අඩුවක් හැඟුන නිසා මා විග් එකද හිස උඩ පැළඳ ගත්තේය. අම්මා සහ සොයුරිය කිසිදු වෙනසක් මට නොපෙන්වු නමුත් මා සොයුරියට විනාඩි කිහිපයක් බාල නිසා ඇය මට නංගී ලෙසත් අම්මා මට පොඩි දුව ලෙසත් විහිලුවට මෙන් ආමන්ත්‍රනය කළහ
. එදින සවස කෘතීම පියයුරු සහ කරාබු ඉවත් කර මා නැවතත් මාගේ ඇඳුම් ඇඳගත් අතර අවසතාවක් ලැබුන පසු මා අම්මා ගෙන් ඇයගේ මාලය මට පැලැන්දීම ගැනද විමසීමි. සොයුරියට සාරියක් අන්ඳා මාලය ඇයට දීමට ඇය සිතා සිටියත් එය ගැන විස්වාසයක් නොමැති නිසා එය මට පලන්දා ඇයගේ ආශාව ඉෂ්ට කර ගැනීමට අවසානයේදී තීරනය කළ බව ඇය ප්‍රකාෂ කලාය.
මෙම සිදුවීම් වලින් පසුවත් මමත් සොයුරියත් අවස්තාවක් ලැබුවිට අපගේ ඇඳුම් හුවමාරු කර ඒවා ඇඳ බැලීම දිගටම කරගෙන ගියහ. කෙසේ වෙතත් මෙය අම්මාට සහ තාත්තාට හොරෙන් කිරීමටද අප දෙදෙනාම වගබලා ගත්හ. කාලය මෙසේ ගෙවී යද්දී එක දවසක් මම යම් කිසි වැඩකට ගෙදරින් එලියට ගොස් පැමින මාගේ කාමරය තුලට ඇතුල් වෙද්දී එහි කණ්නාඩියක් සහිත පොඩි අල්මාරියක් තිබෙනු දැක පුදුමයට පත්වීමි. එහි දොරවල් ඇර බැලුවිට ආන්ටි විසින් මට අන්දන ලද සාරි ඇතුලුව සියලු දේ පිලිවෙලක් අනුව තබා අසුරා තිබෙනු දක්නට ලැබුණි. එයට අමතරව මා සොයුරියගෙන් ඉල්ලා ඇඳයට හන්ගා තැබු ඇඳුන්ද අසුරා තබා තිබෙනු දැක කලබලයට පත්වීමි. එවිටම අම්මා කාමරය තුලට පැමින මා සොයුරියගේ ඇඳුම් අඳින බවත් සොයුරිය මාගේ ඇඳුම් අඳින බවත් ඇය දැන සිටිය බව ප්‍රකාශ කර මට ඇඳුම් අසුරා තැබීමට ස්ථානයක් නොමැති නිසා අල්මාරියක් මට අරන් දීමට තීරනය කළ බවද කීවාය.
අම්මාගේ මේ ක්‍රියාව මට ගැහැණු ඇඳම් ඇඳීමට කල පෙළඹවීමක් බව මම දනිමි. එසේම ඇය මේ සැරසෙන්නේ ඇයට සොයුරියගෙන් නොලැබෙන අවස්තාවක් මගෙන් ලබා ගැනීමට බවද දනිමි. ඒ සඳහා මමද කැමැත්තෙන් සිටින නිසාත් ඇය නැවත එවැනි ඉල්ලීමක් කරන තුරු මම බලා සිටිමි.
Tags:
ටෙනිස්