අම්මා 02

අම්මා දිගටම ආහාර ගැනීම නිසා ඇයගේ රෝගී බවද යම් ප්‍රමානයකට සුවපත් විය. මම ෂෝටක් සහ අක්කාගේ බ්ලවුස් ඇඳ ගෙදර වැඩ කරනු දුටුවිට අම්මා සැමවිටම කිව්වේ ඇය මා තුලින් අක්කා දකින බවය. මෙය මගේ සිත තුලට කාවැදුනු අතර ඇය මෙසේ කියන්නේ ඇයිදැයි මට ප්‍රෙහෙලිකාවක් විය. මා අක්කා වාගේදැයි සමහර වේලාවට මට සිතිනි. දවසක් අක්කාගේ කාමරය අතුගගා සිටීන විට ඇයගේ ඇඳුම් අසුරා තිබු පෙට්ටි විවෘත කර බැලීමට මට සිත්විය. එහිදී මුල් අවස්ථාවේ ඇඳුම් අසුරන විටදී නොලද හැඟීමක් මෙවර ඇඳුම් එළියට ගෙන බැලීමේදී මා සිත තුල ඇතිවිය. එය අක්කාගේ ටී ෂරට් සහ බ්ලවුස් ඇඳීම නිසා හෝ අම්මා මා අක්කා සමග සැසඳීම නිසා සිදුවූ දෙයක්දැයි කිව නොහැකි නමුත් ඒවා ඇඳ බැලීමට සියුම් ආශාවක් සිත තුල ඇතිවිය. මෙසේ ඇඳුම් එක එක පිටතට ගෙන නරඹන විට අක්කා නිතරම අඳින ලද ස්කර්ට් එකකට මගේ ඇස් ආකර්ශනය විය. එය මා ඇඳසිටි බ්ළවුසයටද ගැලපුන නිසා ෂෝටට උඩින් ඇඳ, ශිපර් එකද තදකර කණ්නාඩිය ඉදිරියට ගොස් හැඩ බැලුවේය. කළිසමේ පිම්බුන ගතියක් තිබුන නිසා ස්කර්ට් එක හැඩට පෙනුනේ නැත. කොට කලිසම ඉවත් කල පසු ස්කර්ට් එක හොඳින් පෙනුනත් එහි තුනී සහ විනිවිද භාවය නිසා යටට යම්කිසි ඇඳුමක් අවශ්‍ය බව අවබෝද විය. එවිටම "ඔයා අක්කාගේ ඇඳුම් වලට හැඩයි" යනුවෙන් හඬක් ඇසුන නිස පිටිපස බැලුවිට දුටුවේ සිනා සෙමින් සිටි අම්මාය. මා දෙස හොඳන් බලා සිටි ඇය මා ලැජ්ජාවෙන් බිම බලා සිටින විට ඇඳුම් පෙට්ටි ලඟට ගොස් ඒවා හොඳින් පිරික්සා මා අත යම් ඇඳුමක් තබා "මේවත් ඇඳගෙන එලියට එන්න " යනුවෙන් පවසා කාමරයෙන් එලියට ගියාය. සිදුවූ දෙය ගැන කල්පනාකර අම්මා මා අත තැබූ ඇඳුම් පරීක්‍ෂා කළ විට සුදු පාට රේන්ද ඇල්ලූූ යට සායක් සහ පෑන්ටියක් එහි විය. යට සාය ඇඳීමට සිත තුල දෙගිඩියාවක් ඇති වූවත් එය අත ගැටීම නිසා ආසාව දැඩිවිය. කෙසේ වුවද අවසානයේ පෑන්ටියද ඊට උඩින් යට සායද ඇඳගත් විට සාය සිල්ක් රෙද්දකින් මසා තිබීම නිසා එය කකුල්වල ගැටෙනවිට කලිසමට වඩා සනීපයක් දැනුනි. කණ්නාඩිය ඉදිරි පසට ගොස් සිටගත් විට ස්කර්ට් එක තුලින් පෙරදුටු විනිවිද පෙනීම යට සාය නිසා නැතිවී ගොස් පෙරට වඩා ලස්සනට දිස්වන්නට විය. විනාඩි කිහිපයක් කණ්නාඩියෙන් රුව නැරඹු මම කාමරයන් එලියට විට අම්මා පෙනෙන්නට නොසිටි නිසා කෑම පිළියෙල කිරීමට කුස්සියට ගියෙමි. ටික වේළාවකින් අම්මා කුස්සියට පැමින මට උදවු කළත් මට කිසිවක් කීවේනැත. එනමුත් ඇය නිහඬව මා හොඳි්න් නිරීක්‍ෂනය කරන බව මට අවබෝද විය. අම්මා ක්‍රම ක්‍රමයෙන් යතා තත්වයට පත්වීම මගේ සතුටට හේතුවූවත් අම්මාගේ මේ හැසිරීම නිසා මට අක්කාගේ ඇඳුම් දිගටම ඇඳීමට සිදුවනු ඇතැයි සියුම් සැකයක්ද සිතතුල ඇතිවිය. ප්‍රතිපලය කුමක් වුවත් අම්මාගේ පූර්ණ සුවය මූලික අවශ්‍යතාවය නිසා සිදුවන ඕනෑම දෙයකට මූනදීමට තීරනය කළෙමි. දහවල් කෑමෙන් පසු අක්කාගේ කාමරයේ සිට අම්ම කතාකල නිසා එහි ගිය විට මා කන්නාඩිය ඉදිරිපස වූ පුටුවක වාඩිකරවා " ඔයා ගේ කොන්ඩෙ අවුල් මම පීරන්නද? " ඇසුවාය. මම පාසලෙන් ඉවත්වූ පසු කොන්ඩෙ කැපුවේ නැත. අම්මාගේ අසනීප තත්වයත් යහලුවන් ආශ්‍රය කිරීම අඩුවීමත් අම්මා සමග ගෙදරටම වී සිටීමත් මෙයට හේතුවිය. මේ නිසා කොන්ඩය උර හිස් දක්වා දික්වී තිබුනත් එය හොඳින් පීරා සකස්කර තැබීමට මට උවමනාවක් නොවීය. අම්මා පනාව අතේ තියාගෙන සිටි නිසාත් මට විකල්පයක් නොමැති නිසාත් නිහඬව සිටිමට සිතාගතිමි. මාගේ නිහඬ බව වාසිය කරගත් ඇය මාගේ හිසකෙස් ඇයට රිසිසේ සකස් කිරිමට පටන් ගත්තාය. හිසකෙස් කැරලිගැසී තිබුන නිසා මුළදී එය වේදනාකාරී වුවත් පසුව එය සනීපදායක වූ නිසා නොදැනීම මම නින්දට ගොස් තිබිනි. මා නින්දෙන් අවදිවී කොණ්ඩය දෙස බැලුවිට ඇය එය හොඳින් පීරා තිබිනි. හිසකෙස් වලට යම් තෙලක් ගල්වා එය පාලනය කිරිමට අක්කාගේ කොන්ඩා කටු භාවිත කොට තිබූ අතර උරහිස් දක්වා වූ කොන්ඩය රබර් බෑන්ඩ් එකකින් එකතු කොට ගැටගසා තිබිනි. පීරන ලද හිසකෙස් දෙස මා බලන බව දත් ඈ " අක්කා ගෙත් හැමඳාම පීරුවෙ මම, මට දැන් දනුකගෙත් පීරන්න පුලුවන්" කීවාය. අම්මා සතුටින් සිටීම ඇයගේ රෝගි බවෙන් සුව වීමට හේතුවක් නිසා මා එයට අකමැත්තක් පළකලේ නැත. කෙසේ වෙතත් හවස තාත්තා එන විට ස්කර්ට් එක ගලවා ෂෝටක් ඇඳගැනීමටද මම අමතක නොකෙලෙමි. එදායින් පසු දවස් කීපයක් ගතවෙන තුරු ඇය අක්කාගේ ඇඳුම් සම්බන්දව මා සමග කිසිවක් කතා කලේ නැත. නමුත් හැමඳාම උදේ හවස ඈ කැමති පරිදි මගේ කොණ්ඩය සැකසීමට නම් අමතක නොකලාය. අම්මා පෙර පරිදි කරදරයක් නොමැතිව ආහාර ගැනීමට පටන් ගත් නිසා ඇය සාමාන්‍ය තත්වයට පත්වෙමින් සිටි අතර තාත්තාද සතුටින් පසුවිය. මේ නිස අතපසුවු කාර්‍යාල වැඩ කිහිපයක් සම්පූර්ණ කිරීමට ප්‍රධාන කාර්‍යාලට දවස් කිහිපයකට යාමට ඔහු තීරණය කළේය. ගමන් පහසුව නිසා දිනපතා ගෙදර නොපැමිනීමටත් ඔහුගේ යාලුවෙකුගේ ගෙදර නතරවී යාමටත් අවසානයේ තීරණය විය. තාත්තා දින කීපයකට ගෙදරින් පිටවූ දින උදයේ අම්මා මගේ කොණ්ඩය සකසන අතර අක්කා ගැන කතා කරන්නට විය. අක්කා හා ඇය අතර තිබූ බැඳීමත් ඇයගේ වෙන්වීම නිසා ඇය මුහුනඳුන් තත්වයත් ඇය හඩමින් මට කීවාය. එසේම ඇය රෝගී වූවිට මා කළ කැප කිරීම ඇය අගය කළ ඇය අවසානයේ කාමරයෙන් නිහඬව පිටව ගියාය. මම අක්කාගේ කාමරයෙන් පිටතට යාමට සූදානම් වෙද්දී ඇඳ උඩ ඇඳුම් වගයක් තිබෙනූ දක්නට ලැබුනි. තවම ගෙදර පිරිසිදු කර අස්පස් කරන්නේ මම නිසා මෙය මට ප්‍රෙහෙලිකාවක් විය. ඇඳ උඩ අක්කාගේ මල් ගවුමක් සහ යට ඇඳුම් කීපයක්ද ඒවාට අමතරව ඇය පාවිච්චි කරන ලද කාන්තා සෙරෙප්පු යුගලක් ඇඳ යටින්ද තබා තිබිනි. අම්මාගේ පණිවිඩය පැහැදිලිය. ඇයට අක්කාගේ ඇඳුම් අඳින්නට මගෙන් ඉල්ලා සිටිමට නොහැක. මා මීට පෙර අක්කාගේ ඇඳුම් ඇන්දත් එය හුදෙක් ඇයට ආහාර කැවීම සඳහා බව අම්මා දනී. නමුත් මා එය කලේ කැමැත්තෙන්ද යයි ඇය නොදනී. දැන් ඇයටද මෙය දැනගැනීමට අවශ්‍යව ඇත. මට අම්මා ලෙඩ වීමට පෙර කාන්තා ඇඳුම් ගැන විශේෂ හැඟීමක් තිබුනේ නැත. නමුත් අක්කාගේ ඇඳුම් ඇඳීමත් සමග එය ටිකෙන් ටික වෙනස්විය. අවසානයේ ඇයගේ යට ඇඳුම් ඇඳීමත් සමග කාන්තා ඇඳුම් ඇඳීමට ඇති කැමැත්ත දැඩිවිය. අම්මාද මා අක්කාගේ ඇඳුම් ඇඳ සිටිනු දැකීමට කැමැත්තක් දක්වන නිසා කාන්තා ඇඳුම් ඇඳ බැලීමට තීරනය කලෙමි. අම්මා ඇඳ උඩ තබා තිබුනේ අක්කා විෂේශ අවස්තා වලදී අඳින ලද මල් සහිත ගවුමකි. ගවුම සමග එයටම ගැලපෙන යට ඇඳුම් කිහිපයක් තබා තිබුනු අතර මීට පෙර මවිසින් අඳිනු නොලැබු යට ඇඳුමක්ද එහි තිබුනි. මම බ්‍රා එකක් මීට පෙර ඇඳ තිබුනේ නැත. සියලු ඇඳුම් ඉවත් කර ඇඳ උඩ තිබූ පෑන්ටිය සහ යට සාය ඇඳ ගැනීමට මට ගතවූයේ සුලු වේලාවකි. නමුත් අක්කාගේ බ්‍රා එක ඇඳ උර පටි සකස්කර ගැනීමට මට දැඩි ආයසයක යෙදෙන්නට සිදුවිය. මුලින්ම මල් ගවුමේ කර ප්‍රදේෂයේ වූ හක් එක පන්නා ඉන්පසුව මගේ අත් ගවුමේ අත් තුලින් දමා අවසානයේ ගවුමේ කර ප්‍රදේෂයේ වූ සිදුර තුලින් ඔලුව ඇතුල් කර ගවුම ඇඟ තුලට බස්ස ගත්තෙමි. ගවුම් ඇඳ පුරුද්දක් නොමැති නිසා මුලදී තද ගතියක් ඇඟට දැනුනි. වැඩිය උස නැති කෙට්ටු පුද්ගලයකු වු මා ගවුම අතින් ඇද එය මගේ ඇඟට ගැලපෙන ලෙස හොඳින් සකසා ගැනීමේන් පසුව අපහසුතාවය නැතිව ගියේය. ඉන්පසු අක්කාගේ පාවහන් යුවලද පැලඳ කණ්නාඩිය ඉදිරියට පැමිනි මා එතුලින් මගේ රුව නැරඹීමි. මට මගේ රුව කණ්නාඩිය තුලින් දුටුවිට දුකක් දැනුනි. එයට හේතුව මට හරියට කිව නොහැක. සමහරවිට එය මා බලාපොරොත්තුවූ ගැහැණු රුව එහි දර්‍ෂනය නොවීම විය හැක. බ්‍රා එකක් ඇඳ සිටියද ගවුම තුලින් දිස්වූයේ පපුු ප්‍රදේෂයේ හිස් බවක් පමණි. අම්මා කොණ්ඩය කටු ගසා හොඳින් පීරා තිබුනත් මුහුනෙන් දිස්වූයේ පිරිමියෙකි. ටික වේලාවක් කල්පනා කර කාමරයෙන් එලියට පැමිනුන විට අම්මා සිනාසෙමින් මා ඉදිරියට ආවාය. " මට හිතුන දනුක ඇඳුම් අඳියි කියල" " අම්මා මට කිව්වෙ නැතුවට ඒව ඇඳ උඩ තිබ්බෙ මට අඳින්න නේ" " මම දන්නෙ නැහැනෙ ඔය කැමතිද කියල?" මම ඇයට උත්තරයක් නොදුනිමි. ඇයද සතුටින් ටික වේලාවක් මා දෙස බලාසිට ඇයගේ දෛනික කටයුතු කරන්නට වූවාය.
Previous Post Next Post