අම්මාගේ ලෙඩ ගතිය ක්‍රමයෙන් සුව අතට හැරුනත් ඇය ලෙඩ වීමට පෙර කළ ගෙදර වැඩ නැවත කිරීමට පෙලඹුනේ නැත. ඒ සියල්ල සිදුවූූයේ මා අතිනි. මෙය සමහර විට මා නැවතත් යහලුවන්ගේ ඇසුරට පෙළඹේයයි යන බය නිසා විය හැක. නමුත් මා කරන වැඩ ගැන සිතතුල කැමැත්තක් තිබුන නිසා එය ගැන ඇයගෙන් අසන්නට ගියේද නැත.
කෙසේ වෙතත් ගෙදර වැඩ කිරීමේදී ඇයට හැකි පමනින් මට උදවු කළාය.
මම අම්මා ඇඳ උඩ තැබූ ඇඳුම ඇඳ ගෙදර වැඩ කිරීමේදි ඇය මීට පෙර නොඳුන් උපදෙස් මට දීමට පටන් ගත්තාය.
මම යමක් ඇහිඳීමට පහත්වන විට,
"ඔහොම නෙවෙයි දන නවල පහත් වෙන්න",
එසේම මම පුටුවක වාඩිවන විට,
"ගවුමේ සාය අතින් රැලි ඇරල කකුල් ලඟට කරල වාඩි වෙන්න."
"වාඩි වෙල ඉන්න කොට අත සාය මැදින් තියා ගන්න"
මේ ආකාරයෙන් විවිධ උපදෙස් මට දීමට පටන් ගත්තාය.
එසේම පුරුද්දක් නොමැති නිසා අමතක වීමෙන් මම උපදෙස් නොපිලිපදින විට සැමවිටම එය ඇය මට මතක්කර දුන්නාය. මට ඇගේ උවදෙස් කරදරයක් වූයේද නැත.
තාත්තා හවස ගෙදර නොපැමිනෙන නිසා ගවුම ඉවත් කිරීමට අවශ්‍යතාවයක් නොවීය. රාත්‍රී ගෙදර වැඩ නිමා කොට, නිදා ගැනීම සඳහා මගේ කාමරයට ගියවිට ඇඳ උඩ අක්කාගේ නයිටියක් අම්මා විසින් තබා තිබෙනු දුටිමි. මෙම නයිටිය අක්කා ගෙදරින් බැහැරව රාත්‍රීය ගතකිරීමේදි පාවිච්චි කළ එකක් වු අතර එය සිනිඳු ඇඟට සනීප රෙදි වර්ගයකින් නිමවා තිබුනි. මෑත කාළයේදී කාන්තා ඇඳුම් ඇඳීමට ඇතිවූ රුචිකත්වය දිනෙන් දිනම වැඩිවු නිසා නයිටිය අතට ගත් විට එය ගැන දෙවරක් සිතීමට අවශ්‍ය නොවීය. ගවුම සහ යට ඇඳුම් ගලවා නයිටිය ඇඳ ගත්පසු ඇඟට දැනුන පහසුව නිසා වෙනදාට වඩා ඉක්මනින්ම නින්දටද පිවිසියේය.
උදයෙන් නැගිට තේ සහ කෑම පිලියෙල කිරිමට කුස්සියට ගියත් වෙනදා මෙන් නොව මම නයිටිය සහ එයට උඩින් අඳින ගවුම ඇඳ සිටියෙමි. අම්මා මා කුස්සියේ නයිටිය ඇඳන් සිටිනු දැක සිනාසී,
" ඔයා ඔහොම ඉන්නකොට මට අක්කාව මතක් වෙනවා" කීවාය.
මරනයට පත් වීමට පෙර උදයට තේ හා කෑම පිලියල කලේ අක්කාය.
උදයට කෑම පිලියෙල කළ පසු අක්කාගේ කාමරයට මා කැඳවූ අම්මා,
"අපි දැන් මේ පෙට්ටි වලට දාපු අක්කගෙ ඇඳුම් වලට මොකද කරන්නෙ?" ඇසුවාය.
මට දැන් එය ගෙදර තබාගත යුතුය. නමුත් ඇයට මෙය කීමට අපහසු නිසා නිහඬව සිටියේය.
"කාටවත් දෙන්න ඕන නැහැ අපි ආපහු අල්මාරියට දාමු. " ඇය කිවාය.
අල්මාරිය විවෟත කල ඈ පෙට්ටි වලින් ඇඳුම් කීපයක් ගෙන ඒවා හොඳින් නවන ආකාරය මට කියාදී අසුරන විදියද කියා දුන්නාය. ඉතිරි ඇඳුම් මට නවා අසුරා පුරුදුවන ලෙස ඉල්ලු ඇය මා කරන ආකාරය බලාඉඳ මට උපදෙස්ද දුන්නාය. මා මීට පෙර මගේ ඇඳුම් මෙලෙස නවාතබා නැත. මා මීට පෙර අක්කාගේ ඇඳුම් පෙට්ටිවල ඇසුරුවේද කිසිම ඕනකමක් නැතුවය. අවසානයේ මාගේ ඇසුරුම් ගැන සෑහීමකට පත් ඇය මට ඇඳීමට අක්කාගේ ඇඳුමක් ඇඳ උඩ තබා කාමරයෙන් පිටව ගියාය.
අක්කාගේ ඇඳුම් ඇන්දවිට මට ලැබුන පෙනුම ගැන සෑහීමක් තිබුනේ නැත. මේ නිසා අලුත් රේසර් එකක් ගෙන නාන කාමරයට ගොස් මුලු ඇඟම ෂේව්කර ගත්තේය. මට සාමාන්‍ය ප්‍රමානයකට මයිල් පිහිටා තිබීම නිසා එම කාර්‍යය අසීරු වූයේ නැත. පසුව අම්මා ඇඳ උඩ තැබූ ගවුම සහ යට ඇඳුම් ඇඳ ගත්තද මෙවර බ්‍රා කප් තුලට අක්කාගෙ සොක්ස් කීපයක් දමා හොඳින් සකස්කිරිමටද අමතක කළේ නැත.
පෙර පරිදි අම්මා පැමින මගේ කොණ්ඩය පීරා සැකසුවත් ඇය මගේ මූනට මේකප් දැමීමට උනන්දු නොවීම මගේ කනගාටුවට හේතුවුය. ඇයට මේකප් ගැන තිබෙන දැනුම අල්පවීම මෙයට හේතුවයි. කෙසේ වෙතත් මාගේ ඉදිරියට නෙරුන පපු පෙදෙසත් අලුතින් ෂේව් කරන ලද අත් සහ කකුලුත් ඇය හොඳින් අධ්‍යනය කළ බව ඇගේ හැසීමෙෙන් මට තේරුන් ගියේය. නමුත් ඇය ඒ ගැන විමසුවේ නැත.
දවස් තුනක් මේ ආකාරයට ගෙවී ගියේය. මෙම දවස් තුනේම මම ඇන්ඳේ අක්කාගේ ඇඳුන් ය. එයට අමතරව සිදුවූ තව විෂේශිත දෙයක් වන්නේ අම්මා සමහර අවස්තාවල් වලදී මාව දනුකි කියා ඇමතීමය. අම්ම මට මෙසේ අමතන්නේ මගේ ප්‍රතික්‍රියාව දැනගැනීමට බව දනිමි. අම්මා මට දනුකි කියනවිට සිත යටින් ආශාවක් ඇති නිසාත් අක්කාගේ ඇඳුම් ඇඳ සිටින විට ගැහැනු නමකින් ඇමතීම සුදුසුු නිසාත් එයට විරෝදය පෑවේ නැත.
තාත්තා නැවත ගෙදර පැමිනීම නිසා මට දවස පුරාම අක්කාගේ ඇඳුම් ඇඳ සිටිමට නොහැකි වුවත් අවස්තාවක් ලද විට එසේ කලෙමි. කෙසේ වෙතත් නැවත පැමිනීමත් සමග තාත්තගේ පැහැදිලි වෙනසක් අපි දුටුව නිසා අවසානයේ එය ගැන ඔහු ගෙන් විමසීමට මම තීරනය කලෙමි. තාත්තා රැකියාව කළ ස්තානය ලාබ අඩුවීම නිසා වසාදමා එය ප්‍රධාන කාර්‍යාලය මගින් කිරීමට තීරනය කර ඇත. ඔහුගේ රැකියාව අහිමිවන බව කීවේය. මේ නිසා ඔහුට යම්කිසි මුදලක් කාර්‍යාලෙන් ලැබෙතත් එම පුවත අපගේ කණගාටුවට හේතු විය. ටික දවසකට පසු තාත්තාගේ රැකියාව අහිමිවිය. අම්මා සුව වූ නිසා ඇය මට බාර කොට තාත්තා රැකියාවකට විදේෂ ගතවිය. මටද රැකියාවක් නොමැති නිසා ඔහුට වෙන විකල්පයක් තිබුනේද නැත.
අප මේ ප්‍රදේශයේ වාසය කලේ තාත්තාගේ රැකියාව නිසාය. ඔහු විදේෂගත වීමත්, ඉන්පසු අම්මා සහ මම පමණක් සිටීමත් නිසා අප මුදල් ඉතිරි කිරීම සඳහා පොඩි ගෙයකට යාමට තීරණය කලහ. අම්මා ඇයගේ හෝ තාත්තාගේ නෑයන් අතරට යාමට කැමැත්තක් දැක්වූයේ නැත. අවසානයේ වෙනත් නගරයක විසූ අම්මාගේ යෙහෙලයක් වූ කුමාරි නැන්දාගේ ගෙදර ඇනෙක්ස් එකේ නැවතීමට අපි තීරණය කලෙමු. අලුත් නවාතැන කුඩානිසා අනවශ්‍ය සියල්ල විකුනා පොඩි බඩු ප්‍රමානක් සමග අපි එහි පදින්චියට ගියෙමු. නමුත් අක්කාගේ ඇඳුම් සමග ඇයගේ අල්මාරිය එහි රැගෙන යාමට මම අමතක නොකලෙමි.
කුමාරි නැන්දා තනිවම ජීවත් වූ අතර ඇයගේ සැමිය මෑතදී මියගොස් තිබිනි. ඇයට දරුවන් සිටියේද නැත. ජීවත් වීම සඳහා කාන්තාවන් සඳහාවූ ඇඳම් කඩයක් ඇය සතුව වූ අතර දිනපතාම ඇය රැකියාවක් වශයෙන් එහි වැඩට ගියාය. රැකියාව නිසාදෝ ඇය ඇයගේ ඇඳුමටත් විලාසිතාවන්ටත් විශේෂත්වයක් දී තිබුනි.
අපි කුමාරි නැන්දාගේඇනෙකසියේ පදින්චි වීම ගැන ඇය සතුටු වුවාය. විශේෂයෙන්ම අම්මා ඇයගේ යෙහෙළියක් වීමත් අප සිටින නිසා ඇයට ආරක්ශාව ලැබීමත් මෙයට හේතුව විය. අම්මාද ඇයගේ යෙහෙළියක් සමග සිටීමට කැමති වුවාය. මේ නිසා ඇයගේ පාලුව සෑහෙන්න ප්‍රමාණයකට අඩුවිය. කෙසේ වුවද නැන්දා අම්මා හමුවීමට දැනුම් දීමකින් තොරව නිතරම පැමිණීම නිසා මට පෙරමෙන් අක්කාගේ ඇඳුම් ඇඳ නිදහස්ව සිටීමට හැකිවූයේ නැත. මේ නිසා එය තාවකාලිකව නතර කර දැමීමට මට සිදුවිය. අම්මා මාව ඒ සඳහා උනන්දු කලේද නැත.
අම්මාගේ ලෙඩ සුවවීමත් සමග මම රැකියාවක් සොයා ගැනීමට තීරණය කර ඒ සඳහා උත්සාහ දරමින් සිටියෙමි. උසස් අධ්‍යපනය සඳහ මට කැමැත්තක් තිබුනේද නැත.
හදිසියේම නැන්දා පරක්කුවී ගෙදර ඒමට පටන් ගත්තාය. මේ ගැන අම්මා ඇයගෙන් විමසූ විට ඇය කියා සිටියේ රෙදි කඩයේ වැඩ කළ තරුණිය ඉන් ඉවත්වීම නිසා ඇයට වැඩ වැඩිවීම මෙයට හේතුව බවය. ඇය වෙනත් තරුණියන් කිහිප දෙනෙකු රැකියාව සඳහා බඳවා ගත්තත් කිසිවකු ඒ සඳහා සාර්ථකවීද නැත. මට ඔවුන්ගේ සංවාදය ඇසුන නිසා නැන්දාගෙන් මට එහි වැඩකල හැකිදැයි විමසුවේය. එය කාන්තාවන් සඳහාම වු කඩයක් නිසාත් බහුතර කාන්තාවන් ඇඳුම් මිළදී ගැනීමේදී තවත් කාන්තාවකගෙන්ම විමසා මිළදී ගැනීමට වැඩි කැමැත්තක් දක්වන නිසාත් සොයන්නේ තරුණියක් බව ඇය කීවාය. කෙසේවුවද සුදුසු තරුණියක් සොයගන්නාතෙක් තාවකාලිකව මට එහි වැඩකලහැකි බවද ඇය කීවාය. අම්මාද ඒ අදහසට කැමැත්ත පළ කළාය.
පසුදා උදෑසන ප්‍රථම වතාවට මම නැන්දා සමග ඇගේ කුඩා මෝටර් රථයෙන් ඇඳුම් සාප්පුවට ගියෙමි . එය මධ්‍යම ප්‍රමානයේ එකක් වු අතර ඇඳුම් වර්ග කොට වෙන වෙනම තබා තිබුනි. එහි මගේ වගකීම වූයේ සාප්පුව පිරිසිදුව තබා ගැනීමත් ඇඳුම් නිසි ලෙස නිසි ස්ථානයේ තැබීමත් ය. අම්මා ලෙඩවීමෙන් පසු ගෙදර සියලු වැඩ කළේ මම නිසාත් අක්කා ගේ ඇඳුම් ඇඳ පසුව සෝදා අල්මාරියේ ඒවා ඇසිරිමට ලද පුහුනුව නිසාත් මට පැවරූ වැඩ මම පහසුවෙන් කළේය. කෙසේ නමුත් කුමාරි නැන්දාට මෙය ප්‍රෙහෙලිකාවක් විය. මා වැඩ කරන ආකාරය බලාසිටි ඇය මම, මගේ වයසේ තරුණියකට වඩා හොඳින් කම්මැලි නැතිව වැඩ කරන බව කීවාය.
සාප්පුවේ මෙසේ වැඩ කිරීම මාද කලේ සතුටිනි.
මෙහි විවිද වර්ගයේ කාන්තා ඇඳුම් තිබීමත් විශේෂයෙන්ම මා මතෙක් නොදත් කාන්තා යට ඇඳම් පිළිබඳ අවබෝදයක් ලබා ගැනීමට හැකි වීමත් මාගේ සතුටට හේතුවිය. අක්කාගේ ඇඳුම් මා ඇන්දත් කොස්මටික් සහ මේකප් ගැන මගේ දැනුම අල්ප විය. මෙහි වැඩ කිරීමේදී ඒවා ගැනද ඉගෙන ගන්නට හැකිවීම ගැන මට ඇතිවූයේ සතුටකි.
මා වැඩ කරන ආකාරය ගැන ඇතිවූ කුතුහලය නිසා නැන්දා ජංගම දුරකථනයෙන් අම්මාගන් එය ගැන විමසා ඇත. එවිට අම්මා ඇයගේ ලෙඩ වීමත් සමග අපේ ගෙදර වූ සියලු සිදුවීම් ඇයට පවසා ඇත. මේ හේතුව නිසා හවස වැඩ නිමවී ගෙදර යන විට කුමාරි නැන්දා මගෙන් ඉල්ලීමක් කළාය. අක්කාගේ ඇඳුම් ඇඳීමට මාගේ ඇති කැමැත්ත ඇය අම්මාගෙන් දැනගත් බවත් මා එසේ ඇඳ සිටින විට මාගේ ස්වරූපය කෙසේදැයි දැන ගැනීමට ඇය ආසාවෙන් සිටින බවත් කීවාය. මෙය මට ලොතරැයි දිණුමක් වැනය. පදින්චිය වෙනස් වීමත් සමග මට අක්කාගේ ඇඳුම් ඇඳීමට අවස්තාවක් ලැබුනේ නැත.
කුමාරි නැන්දාද අම්මා මෙන් දැන් මා එය සඳහා උනන්දු කිරිම ගැන මට ඇතිවූයේ කිව නොහැකි තරම් හැඟීමකි.
Tags:
අම්මා