ඇන්ටි පනාවක් සහ තෙල් බෝතලයක් ගෙන එලියට ආ පසු ඇයට විහිලුවක් කිරීමට සිතා
"අපි අඹ ගහ යටට යමුද" කියා පුටුවක්ද රැගෙන අඹ ගස යටට ගියෙමි.
මගේ හිසෙහි තෙල් ආලේප කර හිස කෙස් කැරලි කඩා හිස කෙස් සකස කරන අතර
"ඇයි ඔයාට අඹ ගස යටට එන්න හිතුනෙ" ඇන්ටි මගෙන් ඇසුවාය.
"හේතුවක් නැහැ ඇන්ටි මට එහෙම හිතුන" මම කීවෙමි.
හිස කෙස් පීරා අවසන්වූ විට
"හැමඳාම හවසට මම කොණ්ඩය පීරන්නම් නැත්නම් වවන එකේ තේරුමක් නැහැ" ඇය කීවාය.
ඉන්පසු සැමදා මා වැඩ අවසාන වී ගෙදර පැමිණි පසු මගේ කොණ්ඩය පීරීම ඇය පුරුද්දක් කර ගත්තාය. දිනෙන් දින ඇය මා සමග මිත්‍රශීලව කුළුපග වූ නිසා මට තිබු තවත් ගැටලුවක් නිරාකරනය කර ගැනීමට හැකිවිය. මුළදී ඇය මට ආහාරග සපයා දීමට එකඟ නොවූ නිසා මට එදිනෙදා කෑම පිටතින් ගත යුතුවිය. ටිකින් ටික ඇය සමග කුළුපග වූ පසු ඇය මටත් සමග ආහාර පිසීමට කැමැත්ත පල කළාය.
ඇය පිළියෙල කිරීම සඳහා මා කැමති කෑම වර්ග විමසූවිට සැමවිටම දින පොතේ සඳහන්ව තිබූ චලනි කැමති ආහාර ද්‍රව්‍යය ඉල්ලා සිටිය අතර එයින් මම විනෝදයක් ලැබීය. කෙසේ වෙතත් එයට ඇයගේ ප්‍රතිචාරයක් නොමැති නිස මම දිගින් දිගටම දින පොතේ සඳහන් චලනි කැමති සහ කළ දේවල් කිරීමට පෙලබුනෙමි.
දිනපතා ඇය මගේ කොණ්ඩය හොඳින් පීරුවත් එය මගේ කන්වල දැවටීමත් උරහිස්වල ගෑවීමත් මට කරදරයක් විය. කොණ්ඩය කපා දැමීමට සිතුවත් ඇන්ටි කණගාටුවෙයි යන සැකය නිසා එය කළේ නැත. අවසානයේ කොණ්ඩය කපා දැමීමේ අදහසින් මම ඇයට මගේ අපහසුතාව කීවෙමි. ඇන්ටි මට කොණ්ඩය කපා දමන්න කියාවි යයි සිතුවත් එය එසේ නොවීය.
"කොණ්ඩෙ උර හිසේ ගෑවෙන්නේ දිග මදි නිසා, අනික කොණ්ඩෙ එකතු කරල හෙයාර් බෑන්ඩ් එකක් පාවිච්චි කරන්න ඕන, කොණ්ඩ කටු වලින් කන්වලට ගෑවෙන්නැතුව තියාගන්න පුලුවන්" ඇය කීවාය.
"මා ගාව කොණ්ඩෙ ඉක්මනට වැවෙන්න තෙල් වගයක් තියනවා, ඒක දිගටම ගාමු" කියා ඈ ගෙය ඇතුලට ගියාය.
ඇය මට කතා කරන්නට අවස්තාවක් දුන්නේ නැත. කරන්නේ කුමක්දැයි කල්පනාකරන විට නැන්දා බොතලයක් සහ පනාවක් රැගෙන ආවාය. නැවතත් මට අවස්තාවක් නොදී, පුටුවක්ද රැගෙන අඹ ගස යටට ගොස් මා එහි වාඩිකරවා, බොතලයේ තිබූ තෙල් මගේ හිසෙහි හොඳින් ආලේප කළාය. එයින් නොනැවතුන ඇය කොණ්ඩා කටු ගෙන කන දෙපස වූ කෙස් රොදවල් කන්වල නොගෑවෙනසේද හිස මදුනින් උස්වී තිබූ කෙස් හිසට තදවෙනසේද සකස්කලාය. කොණ්ඩා කටු නිස හිසට අමුතු හැඟීමක් සමග අපහසුතාවයක්ද ඇතිවිය.
"රෑට කටු ගලවල නිදා ගන්න, දිගටම තෙල්ගාල කොණ්ඩ කටු පාවිච්චි කලාම අපහසු ගතිය නැතිව යයි" ඇය කීවාය.
ඇන්ටිව අමනාප කරගැනීමට අවශ්‍ය නැති නිසා මම විරෝදයක් දැක්වූයේ නැත. කසේ වෙතත් සතියක් පමණ ගතවන විට පැහැදිලි වෙනසක් හිසකෙස් වලින් දිස්විය. හිසකෙස් ඉතා ඝනව සීග්‍රව වර්ධනය වන්නට විය.
මාස කිහිපයක් වැඩකිරීම නිසා ලැබුන මුදළින් පරණ ස්මාර්ට් ෆෝන් එකක් මිළදී ගැනීමට මට හැකිවිිය.වැඩකරන ස්තානයේ ඉන්ටර්නෙට් තිබුන නිසා විවේක කාළවලදී එමගින් සමාජජාලා පිළිබඳව දැනුමක්ද ලබාගත හැකිවිය.
මා දිනපොත් කියවීමේදී දුටු පාස්වර්ඩ්ස් චලනිගේ ගූගල් ඊමේල්, ෆේස්බුක් සහ අනිත් සමාජජාල වල ඒවා බව මට අවබෝද විය. එමගින් මට ඇයගේ ඊමේල්, ෆේස්බුක් ගිණුම් වලට ඇතුලු වීමට හැකිවිය. මට යහලුවන් සිටියේ නැත. නමුත් මට චලනිගේ ඊමේල්, ෆේස්බුක් වලට ඇතුලුවී ඇය පිලිබඳ විස්තර එනම් ඇයගේ ක්‍රියා කාරකම්, යහලුයෙහෙලියන් සහ ඇයගේ පින්තූර ගැන දැනගැනීමට හැකිවිය. මෙහිදී ඇයගේ සමාජජාලා ගිනුම් මෑතකාලයේදී අප්ඩේට් නොවී තිබීම මට ගැටලුවක් විය.
ඇන්ටි දිනපතා හිසමත ආලේප කරන ලද තෙල නිසා හිසකෙස් ඉතා ඉක්මනින් දික්වන්නට විය. එසේම රැකියාවට ගොස් පැමිණි පසු ඇය විසින් හිසමත භාවිතා කරනලද කොන්ඩකටු නිසා හිසකෙස් පාලනය කර ගත හැකි වූ අතර කටු නිසා මුළදී තිබූ අපහසුතාවය එයට පුරුදුවීම නිසා නැතිවී ගයේය. මා මෙතෙක් කල් හෙයාර් බෑන්ඩ් භාවිතා කර තිබුනේ නැත.
"යසිරුු, කොණ්ඩෙට හෙයාර් බෑන්ඩ් එකක් දාන්න කාලෙ හරි" දවසක් ඇය කීවය.
මම එයට කැමැත්ත ප්‍රකාශ කර,
"ඇන්ටි ගාන ඔය තෙල මොකක්ද" ඇසීමි.
"මේක පරන වට්ටෝරුවකින් හදපු තෙලක්, අතුරු ආබාද මොනවත් නැහැ"
"ඇන්ටිට මේකෙන් සමාජ සේවයක් කරන්න පුලුවන්නෙ"
"එහෙම හැම කෙනාටම තෙල් දෙන්න ගියොත් බලය අඩුවවෙනව" ඇය කීවාය.
" ඔව් පරම්පරාවෙන් එන දේවල්නෙ, සීයද කිව්වෙ" මට කියවුනි.
මා කට වරද්දගත් බව තේරුන නමුත් කළහැකි දෙයක් නොවීය.
"ඔයා කොහොමද දන්නෙ?" ඇය නැවතත් ඇසුවාය.
මට දීමට හරි පිලිතුරක් තිබුනේ නැත. කටට ආ පිළිතුර මම ඇයට කීවෙමි.
"ඇන්ටි මට එහෙම මතකයක් තිබුන වගේ තේරුනා. ඒකයි ඇහුවෙ"
"ඔයාට තව මොනවද මතක? කෑම ජාතිත් ඉල්ලන්නෙ මතකෙන්ද?"
"එහෙම වෙන්න ඇති" මම කීවෙමි.
"තව එක දෙකක් කියන්න බලන්න" ඇය ඉල්ලාසිටියාය.
මට ඇයට බොරුවක් කර විහිලුවක් කිරීමට සිතුනි. මේ සෙල්ලම කොතනින් අවසානවේදැයි මම නොදැන සිටියෙමි.
මා ඔවුන් මුලදි සිටි ප්‍රදේශය දන්න නිසා මා ඒ ප්‍රදේශයේ සිට දැන් සිටින ගෙදරට පැමිණි බවට මතකයක් ඇති බවත් එය මටද ගැටලුවක් බවත් මම කීවෙමි.
පසුව ඇය මට රබර් බෑන්ඩෙකක් කොණ්ඩය එකතු කර දා ගන්නා අයුරු පෙන්වා දුන්නාය.
සිදුවූ දෙය පිළිබඳව මට බය සිතුනි. ඇන්ටි මා ගැන සැක සිතා මා ගෙදර නොමැති වෙලාවක කාමරය පරීක්‍ෂා කරනු ඇතැයි මට සිතුනි. මේ නිසා අවශ්‍ය කරුනු සටහන් කර දිනපොත් සොයාගත නොහැකි ලෙස විනාසකර දැම්මෙමි.
මා රැකියාවට යනවිට කොණ්ඩයට රබර් හෙයාර් බෑන්ඩ් බාවිතා කළ අතර කැප් තොප්පියක්ද පාවිච්චි කිරීමට පුරුදු විය. රැකියාව කරන තැනින් මට ප්‍රශ්නයක් ඇතිවූයේ නැත.
සති දෙකකට පමන පසු ඇය මගේ කොණ්ඩය සකසා එය එකතු කර තදකර බැන්දාය. වෙනසක හැඟමක් ආ නිසා අල්ලා බැලූවිට එය රබර් බෑන්ඩ් එකක් නොව ගැහැණු ළමයින් බාවිතා කරන කලු පාට ස්කෘන්‍චියක් බව අවබෝදවිය. මට එවිට චලනි නිතරම පාවිච්චි කලේ දම්පාට ස්කෘන්‍චි බව සිතට ආවේය.
"ඇන්ටි දම්පාට ස්කෘන්‍චි නැද්ද" මම ඇසීම.
ඇය දම්පාට ස්කෘන්‍චියකින් මගේ කොණ්ඩය බැඳ
"දම්පාටටද ආස?" ඇසුවාය.
"ඉස්සරනම් කැමති නිල්පාටට හැබැයි දැන්නම් කැමති දම්" මට කියවුනි.
පාට කෙසේ වෙතත් කාන්තාවන් කොණ්ඩය එකතු කොට බඳින ස්කෘන්‍චියට මම කැමති වූයේ ඇයි දැයි මටම සිතුනි. පසුව කණ්නාඩියෙන් බැලූවිට කොණ්ඩයට මට මීට පෙර නොවූ කැමැත්තක් ඇතිවිය. කොණ්ඩය ඉන ගාවට දික්කර ගැනීමට මට ආශාවක් ඇතිවිය.
නිවාඩු දිනයක චලනිගේ කාමරය අස්පස් කිරීමට ඇන්ටි මගෙන් උදවු ඉල්ලා සිටියාය. එහිද පලමුු වරට චලනිගේ ඇඳුම් අල්මාරිි තුල තිබෙන්නේ මොනවාදයි මට බලා ගැනීමට හැකිවිය.
මම උදවු කිරීමට කාමරයට ගියත් මට කරන්නට දෙයක් තිබුනේ නැත. ඇන්ටි මට කතා කලේ ඇයිදැයි යන්න මට ප්‍රහෙලිකාවක් විය. කාමරය හොඳින් පිරිසිදු කර තිබුන අතර කබඩ් දෙක විවෲත කර ඇය යමක් සොයමින් සිටියාය. ඇඳ උඩ තබා තිබු ඇඳුම් දෙස බැලුවිට ටී ෂර්ට් සහ ශොර්ට් කිහිපයක් දක්නට ලැබුනි. ඒවා යුනිසෙක්ස් ඇඳුම් බවද අවබෝදවිය. කබඩ් දෙස බැලුවිට විවිධ වර්ගයේ ඇඳුම් එහිවිය.
ඇඳ උඩ තබා තිබුනේ ටී ෂර්ට් සහ ශොර්ට් නිසා මම ඒවා අතට ගෙන පරීක්‍ෂා කලේය.
"මම ඔය ඇඳුම් කාට හරි දෙන්න කියල බැලුවෙ, ටී ෂර්ට් සහ ශොර්ට් නිසා යසිරුටත් අඳින්න පුලුවන් වෙයි " ඇය කීවාය.
"පාට තමයි අවුල" කියා මම ඇය අදහස්කළ දෙයින් ඉවත්වයාමට අදහස් කලේය.
"පාටට කැමති නැති වුනට කමක් නෑ ගෙදරට හරි අඳින්න පුලුවන්නේ" ඇය මට නිදහසට කරුණක් කීමට ඉඩ නොතබා කීවාය.
කබඩ් තුලින් පොඩි පෙට්ටි දෙකක් ඇය ඉවතට ගෙන ඒවා මා ඉදිරිපිට විවාත කලාය. ඒවායේ තිබු චලනි පලඳන ලද මාල, කරාබු, වලලු ආදී නොයෙක් දේවල් එලියට ගත් ඇය ඒවා මේසය මත තැබුවාය. චලනිගේ ප්‍රියතම කරාබුු යුවල මට අඳුනා ගැනීමට හැකිවිය. ඇය මෙම කරාබු යුවල ගැන දිනපොත්වල ලියා තිබුන අතර ඇයගේ ෆේස්බුක් ගිනුමේ පින්තූරද පලකර තිබුනි. රත්‍රන්වලින් සාදා නිල්පාට ගලක් අල්ලා තිබූ කරාබුු යුවල මා පරීක්‍ෂා කිරීම සඳහා අතට ගත්තේ නිරායාසයකිනි. එය දුටු ඇන්ටි
"මොකද ඕකටම හිතගියෙ, කරාබුවකුත් දාගන්නද හිතන් ඉන්නේ" අසා කරාබු යුවල ඇය අතට ගෙන ඒවා මගේ කන්වලට තබා පරීක්‍ෂා කර
"කරාබු දෙක ඔයාට හැඩයි" කීවාය.
Tags:
චලනි