අම්මා 05

අම්මා අපට කෑම පිළෙයල කර තිබුන නිසා නැන්දාද අප සමග කෑමට එක්විය. මම ලැජ්ජාව නිසා නිෂ්ශබ්දව සිටි බැවින් නැන්දා මා සමග කතාවට මුළ පිරීය. "දනුකි, දැන් හැමදාම මේකප් දාන්න වෙන නිසා හොඳට පුරුදු වෙන්න වෙයි. මම දවස් කීපයක් උදවු කරන්නම්" කීවාය. නැන්දා මට "දනුකි" යයි ඇමතීම නුපුරුදු වුනත් සිත යටින් ඇතිවූයේ සතුටකි. ටික වේලාවක් අම්මා සමග කතා කරමින් සිටි ඇය " නිදා ගන්න ඉස්සර මේකප් සෝදල අයින් කරන්න" පවසා නික්ම ගියාය. දවස අවසානයේ නිදා ගැනීමටඇඳට ගිය විට අක්කාගේ නයිටිය සිරුරට සුවදායක වුවත් වැක්ස් කිරීම නිසා බෙල්ලෙන් පහල ප්‍රදේශයෙනුත් කරාබු දැමීමට සිදුරු කිරීම නිසා කන් යුගලයෙනුත් වේදනා ගෙන දෙන්නට විය. පපුව ප්‍රදේශයේ වූ පිරුන පියයුරු යුගලය නිසා නිදා ගැනීමේදී මුහුණ උඩු පසට තබා ගැනීමටද සිදුවිය. පසුදා උදෑසනින්ම නැගිට දහවලටද කෑම සාදා අම්මාගේ උපදෙස් පරිදි නැන්දා සදහාඳ දහවලට කෑම පාර්සලයක් පිළියෙල කර ගත්තේය. අක්කාගේ ස්කර්ට් සහ බ්ලවුස් එකක් ඇඳගත් පසු අම්මා පැමිණ කොණ්ඩය පීරා ගැනීමට උදවු කළත් මෙවර ඇය මට දුන්නේ උපදෙස් පමණි. පිට මැදට වැටුන හිස කෙස් එකතු කොට රෝස පැහැති ඉලාස්ටික් පටිය මගින් පෝනි ටේල් එකක් ආකාරයට හිස කෙස් එක්ව තබා කොන්ඩ කටු මගින් හිස කෙස් උඩට මතු නොවන ලෙස සකසා ගත්තේය. අවානයේදී ඇය අක්කා භාවිතා කළ මාලය සහ වලලු මගේ කරේ සහ අත්වල පලන්දා " දුවේ, අක්කගෙ ඇඳුම් ගෙදරට අඳින්න. ඔයා අලුත් ඇඳුම් ගන්න" කියා මගේ අත මත මුදල් තැබුවාය. තාත්තා රට රැකියාවට ගිය පසු අපගේ ආර්ථික ප්‍රෂ්න හුඟක් දුරට විසඳී තිබිණි. ටික වේලාවකින් කුමාරි නැන්දා ඇයගේ මේකප් බෑගය සමග පැමින මගේ මුහුනට මේකප් කර මා සමග ඇයගේ සාප්පුවට පැමිණියහ. "දනුකි, ඔයා වෙනද වගේම වැඩ කරන්න, හැබැයි කොල්ලක් විදියට හැසිරෙන්න එපා" යයි කියා මම කොල්ලෙක් විදියට හැසුරුන සෑම වේලාවකම අවවාද කර මට තරුණියක් ලෙස හැසිරෙන ආකාරය කියා දුන්නාය. අම්මාදුන් මුුදල් වලින් මට අවශ්‍ය සියලුම කාන්තා යට ඇඳුනුත්, ගවුම්, ස්කර්ට්, බ්ලවුස් කිහිපයකුත් සහ මේකප් සෙට් එකක් සාධාරන මිලකට නැන්දාගේ සාප්පු වෙන්ම මිළදී ගැනීමට මට හැකිවිය. සවස වැඩ නිමවී ගෙදර යන විට ඇය කාරය සපත්තු කඩයක් ලඟ නවත්වා මගේ විරෝදයද නොතකා මා සමග කඩය තුලට පැමිනියහ. " ඔයාව කාටවත් කොල්ලෙක් කියල අඳුන ගන්න බෑ. බය වෙන්න එපා" ඇය කීවාය. කඩයේ වැඩ කරන තරුණියක් අප ඉදිරියට පැමින " මිස්ලට මොනවද ඕන" ඇසුවාය. කතා කිරීමට ඇති බය නිසා මම නිහඬව සිටිය අතර නැන්දා ඇයට පිලිතුරු දුන්නාය. එහිදී නැන්දා මට හයි හීල්ස් යුගල තුනක්ද, කාන්තා අත් බෑගයක්ද, බෑගයේ දැමිය හැකි කාන්තා කුඩයක්ද, පුන්චි කණ්නාඩියක්ද මිළදී ගත්තාය. නැවත කාර් එකට පැමිණි පසු මම නැන්දාගෙන් හයි හීල්ස් යුගල තුනක් ගත්තේ ඇයිදැයි ඇසුවේය. තරුණියක ලෙස ඇවිදීමට පුරුදු වීම සඳහා හොඳම ක්‍රමය හයි හීල්ස් පලඳා ඇවිදීම බව පැවසූ ඇය සාප්පුවට සැමවිටම හයි හීල්ස් සපත්තු පලඳන ලෙස ඉල්ලා සිටියාය. පසු දින අලුතෙන් මිලදී ගත් ඇඳුම් ඇඳ හයි හීල්ස් පැලඳ වැඩට ගියත් මුලදී නොවැටී සිටීමට දැඩි ආයාසයක් ගැනීමට සිදුවිය. නැන්දාගේ උපදෙස් පරිදි කෙටි අඩි තබා ඇවිදීමේදී නොදැනීම ගැහැණු ළමයකු මෙන් උකුල පද්දා ගමන් කිරීමටද පුරුදු විය. මෙසේ අම්මා මම ගෙදර සිටින සැමවිටම මාව ඇයගේ දියනිය ලෙසටත් ගෙදරින් පිටතදී නැන්දා මාව තරැණියක ලෙස සලකා කටයුතු කිරීමත් නිසා තරුණි‍යක ලෙස හැසීරීමට මට තිබූ හැකියාව තවත් වැඩි දියුණු කර ගනීමට හැකිවිය. මුලදී පිරිසිදු කිරීමත් ඇඳුම් සැකසීමත් පමණක් කළ මට කල් යත්ම නැන්දාගේ අනුදැනුම මත ක්‍රම ක්‍රමයෙන් සාප්පුවට පැමිනෙන කාන්තාවන්ට ඇඳුම් තෝරා ගැනීමට සහය දීමටද සිදුවිය. කෙසේ වෙතත් ඔවුන් සමග කතා කිරීමට මම බියවය. මෙය තේරුන්ගත් නැන්දා "දනුකි ඔහොම ඉඳල බැහැ කතා කරන්නත් පුරුදු වෙන්න ඕන." සැම විටම මට කීවාය. වැඩි කළ් නොගොස් තනියම කොන්ඩය සකස් කර ගැනීමටත් මේකප් දමා ගනීමටත් මට හැකියාව ලැබිනි. කෙසේවෙතත් අම්මා සහ නැන්දා මට තනියම කිසිම තැනක යන්න දුන්නේ නැත. මටද එසේ යාමට ආත්ම විස්වාසයක් තිබුනේද නැත. දනුකි වීමට පෙර බඩු මිලදී ගැනීමට මම තනියම ගියත් දනුකි වීමෙන් පසුව මට අම්මා සමග යාමට සිදුවිය. එසේ යනවිට ඇය අසල් වාසීන් හඳුනා ගත් අතර එහිදී ඇය ඔවුන්ට මා හඳුන්වා දුන්නේ ඇයගේ දුව ලෙසය. මුළදී අමාරු වුවත් මාස දෙකක් පමන යනවිට මම ගැහැනු ජීවිතයට පුරුදු වීමි. ඇතිවු ලොකුම කරදරය වූයේ රැවල සහ ඇඟෙහි මවිල් වැවීමය. මේ නිසා සති දෙකකට සැරයක් සැලොන් එකට ගොස් වැක්ස් කරවා ගන්නට මට සිදුවිය. මාගේ උපන් දිනයද පැමිණි අතර එය වැටී තබුනේ පොහෝ දිනයකටය. අම්මා සහ නැන්දා දෙදෙනාම මට තෑග්ගක් දෙන බව කීවත් එදින හවස්වන තෙක්ම මට කිසිවක් ලැබුනේ නැත. රෑ බෝවීමට ප්‍රතම අම්මා මට නාන කාමරයට ගොස් හොඳින් ඇඟ සෝදා එන ලස ඉල්ලා සිටියාය. එසේ ඇඟ සෝදා මගේ කාමරයට පැමිනෙන විට දෙදෙනාම සුදු පැහැති සාරි ඇඳ පන්සල් යාමට සූදානම්ව සිටි අතර ඇඳ උඩ තව සුදු සාරියක් තබා තිබිනි. "ඔයාගෙ බර්ත් ඩේ තෑග්ග හොඳඳ බලන්න" නැන්දා මට ඇඳ උඩ තබා තිබු සාරිය පෙන්නුවාය. සාරිය අතටගත් මට එයට අමතරව සුදු පැහැති පෑන්ටියක්, බ්‍රා එකක්, දිග යට සායක් සමග හැට්ටයක්ද තබා තිබෙනු දක්නට ලැබුනි. සියලුම ඇඳුම් ඔවුන් සුදු පැහැයෙන් තෝරා තිබිනි. " අපි ඔයාට සාරිය අන්දන්නම්, යට ඇඳුම් ඇඳන් එන්න" අම්මා ඉල්ලා සිටියාය. යට ඇඳුම් අතට ගත් මා නාන කාමරයට ගොස් ඇඳ සිටි සියලු ඇඳුම් උනා දමා පෑන්ටිය ඇඳ එයට උඩින් දිග යට සාය ඇඳ ගත්තේය. ඉන්පසු බ්‍රා එක ඇඳ අත් ඔසවා ඒවා හැට්ටයෙ අත් සිදුරු තුලින් දමා හැට්ටය පහතට ගෙන එය හොඳින් බ්‍රා එක වැසෙන පරිදි තබා පියයුරු ඉදිරියෙන් වූ හැට්ටයෙහි හුක්ස් එකතු කලේය. සියලුම යට ඇඳුම් මිම්මට මසා තිබුනි. පළමුව බ්‍රා එකෙන්ද ඉන්පසුව හැට්ටයෙන්ද තදවී ඉදිරියට නෙරා ආ පියයුරු යුගල මගේ සිරුරට එක්කලේ ආකර්‍ෂනයයකි. කන්නාඩියෙන් බැලුවිට යට සායෙන් වැසීයන පරිදි තරුණියන්ගේ මෙන් පිරුනු තට්ටම් යුගලයක් මට නොමැතිවීම ගැන සිතට ඇතිවූයේ කනගාටුවකි. නාන කාමරයෙන් පිටතට ආපසු ඔවුන් මගේ හැඩ නරඹා මට සාරිය අන්ඳන්න පටන් ගත්හ. සාරිය අන්දා, මේකප් කර කොණ්ඩය ගොතා අවසානයේ මට කාන්තා ස්ලිපර්ස් යුගලයක් පැළඳ ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටියහ. මල් පිරවු කූඩය මා අත තැබූ අම්මා සහ නැන්දා මාද කැටුව පන්සල බලා පිටත් වුහ. එහිදී මල් පූජා කර බුදුන් වැන්ද පසු නැන්දා එහි සිටි කාන්තාවන් සමග කතා කර අප ඔවුන්ට හඳුන්වා දුන්නාය. එහිදීද ඔවුන් මා හඳුන්වා දුන්නේ දුව ලෙසටය. ගෙදර පැමිණි පසුු නැන්දා " දනුකි සාරියට ලස්සනයි, අපි තව සරි ටිකක් ගනිමු. එතකොට වැඩටත් අඳින්න පුලුවන්" කීවාය. දවස් කීපයකට පසු අම්මා මට සාරි කිහිපයක් මිළදි ගෙන ඒවාට ගැලපෙන යට ඇඳම්ද මසා දුන්නාය. නැන්දාගේ ඉල්ලීම පරිදි සාරි ඇඳ වැඩට යාමට පුරුදු වූ මට දවස් කීපයකට පසුව ඔවුන්ගේ සහය නොමැතිව සාරි ඇඳීමටද පුලුවන් විය. මට ඇතිවූ එකම කණගාටුව නම් සාරියේ හැඩය පෙනීමට අවශ්‍යම ශරීර අන්ගයක්වූ පුලුල් තට්ටම් යුගලයක් සහ උකුලක් මට නොමැති වීමය දින මෙසේ ගතවීයද්දී දවසක් නැන්දා මගෙන් මෙසේ ඇසීය. "දනුකි දැන් කාළයක් කෙල්ලෙක් වගේ හිටියනේ, දිගටම ඔහොම ඉන්නද හදන්නෙ? ඔයයි අම්මයි දෙන්නම කැමති බව ඇත්ත. ඒ උනාට හැමදාම ඔහොම ඉන්න බැහැනේද?" නැන්දාගේ කීවේ සැබෑවකි. මෙසේ සිටීමෙන් මට අනාගතයක් නැත. නමුත් තරුණියක් ලෙස සිටීමට ඇති ආසාව නිසා ඇයට පලිතුරක් දුන්නේ නැත. දවස් කීපයකට පසු නැන්දා අපට කියපු දෙයින් මට යම්කිසි භයක් සිත තුල ඇතිවිය. එනම් නැන්දාගේ අයියාගේ දුවට අප සිටිනා ප්‍රදේශයට ගුරු පත්වීමක් ලැබීම නිසා ඇය නැන්දාගේ ගෙදර නැවතීමට තීරනය කර ඇති බවය.
Previous Post Next Post