චලනි 03

ඇන්ටි එසේ කීවවිට ඇතිවුන ලැජ්ජාව නිසාත් කාමරයතුල මට ඇත්තටම කරන්නට දෙයක් නොමැති නිසාත් මම එතනින් ඉවතට ගියෙමි. නමුත් ඇන්ටි මාව හේතුවක් නැතිව චලනිගේ කාමරයට කැඳවීම මට ගැටලුවක් විය. පසුවදා වැඩ අවසන්වී කාමරයට පැමිණිවිට මේසය උඩ පාර්සල් කිහිපයක් තබා තිබෙනුු දුටුවෙමි. ඒවා පරීක්‍ෂා කිරීමේදී පෙරදින චලනිගේ ඇඳ උඩ තබා තිබූ යුනිසෙක්ස් ඇඳුම්, අසුරා තබා තිබුනි. එයට අමතරව නිල් ගල් සහිත කරාබු යුගලයද එහි විය. මුලදී ලැජ්ජාව නිසා ඇඳුම් එලියට ගෙන නොබැලුවත් සිත තුල පෙර නොවූ කුතුහලයක් විය. රාත්‍රී කෑමෙන් පසුව කාමරයේ දොර අගුලුදා පාර්සල්වල තිබූ ඇඳුම් ඉවතට ගත්තෙමි. මා සිතූ පරිදි එහි ටී ෂර්ට් සහ කොට කලිසම් කිහිපයක් තිබුනි. ඇඳුම්වල ආකර්‍ෂනීය සුවඳක් තිබුනු අතර ඒ සුවඳට මම ආශා කලෙමි. ටී ෂර්ට් ඇඳ බැලූවිට ඒවා මගේ ප්‍රමානයට තිබුනත් පාට සහ ඒවායේ තිබු ඩිසයින් තරුණ කෙල්ලන්ට වඩාත් ගැලපුනි. කොට කලිසම් පිරිමි ඒවාට වඩා සැහැල්ලු වූ අතර ඉදිරිපස වූ සිපරය සහ බොත්තම් භාවිතා කිරීමේදි නුහුරු ස්වභාවයක් දැනුනි. හේතුව පරීක්‍ෂා කිරීමේදි පැත්ත මාරු කර මසා ඇති බව දුටුවෙමි. ගෙදරට පිට අය නො එන නිසා ගෙදරට පමණක් ඇඳීමෙන් හානියක් නොවන බවද සිතිනි. කෙසේ වෙතත් නිදා ගැනීමට පෙර ඇඳුම් පෙරපරිදි මේසය උඩ තැබීමට මම අමතක නොකෙලමි. දවස් කිහිපයකට පසු නිවාඩු දිනයක උදයේ, "යසිරු, අර ඇඳුම් ඇඳල බැලුවද? ආසයි බලන්න" ඇන්ටි ඇසුවාය." "නෑ ඇන්ටි වෙලාවක් තිබුනෙ නෑ" මම අකමැති ආකාරයට ඇයට කීවෙමි. "අද නිවාඩනේ අද වෙලාව තියනවා" ඇය කීවාය. මම මගේ කාමරය තුලට ගිය පසුව ටික වේලාවකින් එය තුලට පැමිණි ඇය, මේසය මත තබා තිබූ ඇඳුම් ගෙන, "යසිරු අඳින්න කැමති ඒවා මොනවද" ඇසුවාය. මම කිසිවක් නොකිය සිටිවිට ඇය ඒවායින් ටී ශර්ට් එකක් සහ ශෝටක් තෝරා, "මේවා ඇඳල බලන්න" ඉල්ලා ඇඳුම් මා අත තැබුවාය. කලයුත්තේ කුමක්දයි මා කල්පනා කරනවිට, "ඇඳල බලන්න, හරියන්නෙ නැත්නම් වෙනකාටහරි දෙමුු, නැත්නම් අපරාදෙනේ" පවසා ඇය කාමරයෙන් නික්ම ගියාය. ඇඳුම් ඇඳ එය ගැලපෙන්නේ නැතිබව කීමට මම තීරනය කලෙමි. මා ටී ශර්ටය සහ ශෝට ඇඳගත් පසු නැවත කාමරයට පැමිණි ඇය මා වටා ගොස් නරඹන විට, " මේව මට ගලපෙන්නෙ නෑ" මම කීවෙමි. එවිට ඇය, "පොඩ්ඩක් ඉන්න" කියා මාව මිදුලට කැඳවා, කොණ්ඩය හොඳට පීරා දම්පාට ස්කෘන්‍චියකින් එය එකතුකර බැඳ, නැවත මාව හොඳින් නැරඹා, "අපරාදෙ කාටවත් දෙන්නෙ, ඇඳුම් ඔයාට ලස්සනයි, ගෙදරට අඳින්න පුලුවන්" කීවාය. කන්නාඩියක් ඉදිරි පසටගොස් බැලුවිට ඇන්ටි කියපු පරිදි ඇඳුම් මාගේ ප්‍රමානයට ගැලපුනත් ඒවායේ පැහැයත් දිගු කොන්ඩයත් නිසා මාව ඉදිරි පසින් නොව පැත්තට හෝ පසුපසින් බැලුවිට බටහිර පන්නයට ඇඳගත් කෙල්ලෙක් මෙන් දිස්විය. කෙසේ වෙතත් ඇඳුම්වල තිබූ සැහැල්ලුබවටත් සුවඳටත් මගේ හිත ඇදී ගියේය. ඇන්ටීද වෙනසක් නොදැක්වූ නිසා මුලු දවසම ඒ ඇඳුම් ඇඳ සිටිවිට පහසුව මෙන්ම කැමැත්තක්ද සිත තුල ඇතිවිය. ඉන්පසු සැමදාම නොවූවත් මාරුවෙන් මාරුවට මම ඇන්ටි දුන් ඇඳුම් ඇන්ඳමි. එය දුටු ඇන්ටි චලනි සතුව තිබූ සියලුම ටී සහ ශෝර්ට් මට දුන්නාය. ටික දවසක් යනවිට මම දිගටම චලනිගේ ඇඳුම් ගෙදරට ඇඳීමට පුරුදුවීමි. මා මේ පෙදෙසට පැමිනි පසු මට යහලුවන් සිටියේ නැත. වැඩ කරන තැන පිරිමි කිහිප දෙනෙකු සිටියත් ඔවුන් මැදිවියේ අය විය. මේ නිසා මම වැඩ ඉවරවී ගෙදර පැමිනි පසු මගේ ස්මාට් දුරකථනය භාවිතා කිරීමට පුරුදු වීමි. මට සමාජ ජාලා ගිනුම් තිබුනේ නැත. මා භාවිතා කලේ චලනිගේ ගිනුම් වූ අතර ඒවායේ යහලුවන් ලෙස ඇය එකතු කර තිබුනු බොහෝදෙනා ගැහැණු ළමයින් විය. මා චලනිගේ සමාජ ජාලා ගිනුම් සඳහා කිසිම දෙයක් ලියුවේ නැතත් අනිත් අයගේ අදහස් කියවීමට පුරුදු විය. ඔවුන් බොහෝවිට අදහස් හුවමාරුු කරගත්තේ කාන්තාවන්ගේ ඇඳුම්, අලුත් විලසිතා සහ රෑපලාවන්‍යයය. දිනපතා ඔවුන්ගේ අදහස් කියවීම මගින් ඒ පිලිබඳව පැහැදිලි අවබෝදයක් මට ලබාගත හැකී වූ අතර සමහර වේලාවට මට ඔවුන්ගේ අදහස් ප්‍රායෝගිකව අත්හදා බැලීමට නොහැකි නිසා දුකක්ද ඇතිවිය. මගේ කොන්ඩය දිගුවනවිට සිතෙහි ඇතිවූ කැමැත්තත්, චලනිගේ ටී ශර්ට් සහ ශෝර්ට් ඇඳිමට විරුද්දත්වයක් නොපෑමත් චලනිගේ සමාජ ජාල ගිනුම් වලින් මා ලද බලපෑමක් ලෙස මට සිතුනි. මාස 2-3 කාළයකදී ඇන්ටිගේ තෙල්වල බලයෙන් මගේ හිසකෙස් හොඳින් වැඩී පිටෙහි යට ප්‍රදේෂය දක්වා දික්විය. ඇන්ටිගෙන් කොන්ඩය පීරා පවත්වාගෙන යාමට ලැබුන සහයෝගය නිසා මට අපහසුවක් දැනුනේ නැත. එයට අමතරව මා මහත්වන බවක් දැනුනි. මා වැඩට අඳින ලද කලිසම් ඇඳීමේදී හිර ගතියක් දැනුන නිසා අලුත් කලිසම් මිළදී ගැනීමට සිදුවිය. කිසිදු ව්‍යායාමයක් නොමැතිව සිටීම මෙයට හේතුව ලෙස හැඟුනත් මම අඳින ෂර්ට් වෙනදාටත් වඩා ලිහිල්ව තිබීම මට ප්‍රෙහෙලිකාවක් විය. කොන්ඩය දික්වීම නිසා එය කරලක් ලෙස ගෙතීමට ඇය යෝජනා කලේ මේ අතරතුරදීය. එසේ නොකලහොත් හිසකෙස් එකින් එක ගැලවී යන බව ඇයගේ අදහස විය. වැසි දිනක ගේ තුලට වී කොන්ඩය පිරන්නට සිදුවිය. තනි කරලට කොන්ඩය ගෙතූ ඇය එය අගට කලුපාට කොන්ඩ පටියක් අමුනා එය පපුව පෙදෙස මත තබා මා කන්නාඩිය ඉදිරිපසට ගෙන ගියාය. චලනිගේ කොට කලිසමත් ටී ෂර්ටයත් ඇඳ සිටි මට ගෙතූ කොණ්ඩය නිසා කණ්නාඩියෙන් දුටුවිට මගේ කොලු පෙනුම අඩුවී තිබුනි. "මම නිකන් කෙල්ලෙක් වගේ" මට කියැවිනි. "ඒ මොකද එහෙම හිතන්නෙ? කොන්ඩෙ ගෙතුව නිසාද? ඔයා ඇඳන් ඉන්නෙ කොට කලිසමයි ටී ෂර්ට් එකයි නේ" ඇය කීවාය. මම කිසිවක් කීමට ගියේ නැත. "හැබැයි පුන්චි වෙනසක් කලොත්නම් කෙල්ලෙක් වගේ පෙනෙයි" ඇය නැවත කීවාය. "ඒ කොහොමද ඇන්ටි" මම ඇසූවිට, "කරලම බැලුව නම් තමයි හොඳ" ඇය කීවාය. මම එය ප්‍රතික්‍ෂේප නොකල හේතුව මට අදද ගැටලුවකි. එය ප්‍රතික්‍ෂේප කලා නම් මේ කතාව අද මෙසේ නොලියවනුද ඇත. මම කලේ නිෂ්ශබ්දව සිටීම පමණි. චලනිගේ දිනපොත කියවීමෙන් පසු ඇන්ටිව අපහසු තත්වයට පත් කිරීමට චලනිගේ රුචිකත්ව මතුකර පෙන්වීමත් චලනිගේ සමාජ ජාලා ගිනුම් පරිහරනය කිරීමත් දිගු කොන්ඩයත්, ඇයගේ සමහර ඇඳුම් ඇඳීමත් මෙයට හේතුවක් විය හැක. කෙසේ වෙතත් ඒවන විට කෙල්ලක් ලෙස ඇඳ පැලඳ හැඩ බැලීමට සිත තුල සැඟවුන සියුම් ආශාවක් මා තුල තිබූබව නම් පිළිගත යුතුය. ඇය මගෙන් පිලිතුරක් බළාපොරොත්තු වුනා විය හැක. අප අතර නිහඬ බවක් තිබීමත් මා පිලිතුර නොඳුන්නේ මා කැමති වුවත් එය විවෘතව කියන්නට ඇති ලැජ්ජාව නිසා බවත් බව ඇය සිතන්නට ඇත. ටික වේලාවකට පසු ඇය, "එහෙනම් පොඩ්ඩක් ඉන්න " පවසා චලනිගේ කාමරය තුලට ගියාය. ඇය නැවත පැමිනියේ කුඩා බෑගයක්ද අතැතිවය. මට ඇයට විරුද්ද දෙස බලා සිට ගන්නා ලෙස ඉල්ලු ඇය මා ඇඳ සිටි චලනිගේ ටී ෂර්ට් එකද ගලවා දමන ලෙස ඉල්ලා සිටියාය. මා සිත තුලවු උද්‍යෝගය නිසා කිසිදු විරෝධයක් නොකර ටී ෂර්ටය ගලවා දැමුවෙමි. ඉන්පසු අත් දෙක උස්සන්න කී ඇය, කිසියම් දෙයක් අත් දෙක තුලින් දමා එය පපුව පෙදෙසට ගෙන ආවාය. එය දුටු සැනින්ම චලනිගේ රෝස පැහැති බ්‍රා එකක් බව මට අවබෝදවුවත් මා යමක් කීමට පෙර ඇය බ්‍රා එක පිටු පසින් අමුනා උර පටි සකස් කලාය. එයින් නොනැවතුන ඇය චලනිගේ පෑන්ටි කිහිපයක් ගුලිකර බ්‍රා කප් තුලට දමා දෙපසම ඒකාකාරව ඉදිරියට නෙරා එන ලෙස සකස් කලාය. ඉන්පසුව ටී ෂර්ටය මට නැවත ඇඳ ගැනීමට සලස්වා රතු පැහැ ලිප්ස්ටික් එකක් ගෙන මගේ තොල් පාට කර අත්වලටද වලලු කිහිපයක් පලඳා මාව චලනිගේ කාමරයට එක්කගෙන ගිය ඇය මා චලනිගේ කණ්නාඩි මේසය ඉදිරිපස සිටවා, " දැන් මොකද හිතන්නේ?" ඇසුවාය. බ්‍රා එක ඇඳීමෙන් පසු පපුව ප්‍රදේශය වැඩුණ ගැහැණු ළමයකුගේ පියයුරැ මෙන් ඉදිරියට නෙරා ඒමත් ගොතන ලද කොණ්ඩය පපුව මැදින් දමා එහි අග කෙලවර අතින් අල්ලාගෙන සිටීමත් අතෙහි තිබූ වලලු සහ තොල්වල තිබූ රතු පැහැයත් නිසා මා කණ්නාඩිය තුලින් දුටුවේ තරුණියකි. මා ඒ තරුණිය දෙස වශීවී බලා සිටිනු දුටු ඇන්ටී, "පොඩි වෙනසින් වුන දේ දැක්කද?" ඇසුවාය. ඇය ඇසු පැනයට පිලිතුරු දීමක් අවශ්‍ය නොවීය. ඇය කීවේ ඇත්ත බව අප දෙදෙනාම දැන සිටියෙමු. මා දිගටම කණ්නාඩිය දෙස බලා සිටිය නිසා ඇය නැවතත් මගෙන් ප්‍රශ්නයක් ඇසීය. "යසිරු, අපි තව පුන්චි වෙනසක් කරමුද?"
Previous Post Next Post