කරාබූ පැලඳීමට ආස වූ මා ඇන්ටී අදහස් කරන්නේ කරාබූයයි සිතා,
"කරාබු ද ඇන්ටි" ඇසුවාය.
"නෑ මට හිතුනෙ ඔයාට අලුත් නමක් ඕන කියල. කරාබුත් අඩුවක් තමයි, ඒක මට මතක් උනෙ නෑ" කීවාය.
"ඔය විදියට ඉන්නකොට මට ඔයාට යසිරු කියන්න බැහැනෙ, මම චලනි කියල කතා කරන්නම්" ඇන්ටි කීවාය.
චලනි යනුවෙන් ඇයගේ දුවගේ නම තේරීම මට ගැටලුවක් නිසා, මම ගැහැණු නමක් යෝජන කිරීම ගැන විරෝදය නොදක්වා,
"ඇයි ඇන්ටිගෙ දුවගෙ නම තෝරගත්තෙ?"
"ඔයා ඇඳන් ඉන්නෙ චලනිගෙ ඇඳුම් නේ, ඔයා කැමතිත් එයා කැමති දේවල් වලට නේ, අනික සමහර වේලාවට ඔයා හැසිරෙන්නෙත් එයා වගේනෙ. ඒ හින්ද චලනිගෙ නම තමයි ඔයාට හොඳ." ඇන්ටි කීවාය
මා චලනිගේ දිනපොත් කියවා ඇති බවත් ඇයගේ සමාජ ජාලා ගිනුම් කියවා ඇති බවත් ඇන්ටී දැන සිටියේ නැත. මා මුලදි මෙසේ හැසිරුනේ විහිලුවට වූවත් දැන් ඇය එය විස්වාස කිරීම නිසා මා ඇයට බරපතල වැරද්දක් කල ඇති බව හැඟුනි. එසේම ඇයට ඇත්ත පවසා ඇයව කනගාටුවට පත්කිරීමටද මට අවශ්‍ය වූයේ නැත. අනික ඇය මට චලනි ලෙස ඇමතූවිට මට ඇතිවූයේ සතුටකි. එයට හේතුව මම නොදනිමි.
මම නමට විරෝදය නොදැක්වූ නිසා,
"චලනි, මම ඔයට දුන්න කරාබු දමමු, ගිහිල්ල අරන් එන්න" ඇය සිනාසී කීවාය.
මගේ කාමරයට යාමට මම උත්සාහ කලත් මා පැලඳ තිබූ පාවහන්වල තිබූ හීල්ස් නිසා මට ඇවිද යාමට අසීරු විය. එය දුටු ඇය,
" හෙමින් ඇවිද ගෙන යන්න, ඕක නිකම්ම පුරුදුවේවි" කීවාය.
සෙමින් කාමරයට ගොස් කරාබු යුවල ගෙන මා නැවත පැමිනිවිට, කුප්පියකින් තෙල් ස්වල්පයක් ගත් ඇය ඒවා මගේ කන් පෙතිවල ගෑවාය.
කරාබු පැලඳීම සඳහා මගේ කන් විදනැති බව මට අවබෝද වූූයේ එවිටය.
"ඇන්ටි මගේ කන් විදල නැහැනේ" මම ඇසුවේය.
" තෙල් ගෑවෙ ඒකට, දැන් කන් විද්දම ඔයාට රිදෙන්නෙ නැහ" ඇය කීවාය.
"මම කරාබු දාල වැඩට යන්නෙ කොහොමද?"
"වැඩට යනකොට ගලවල දාන්න, ගෙදර ආවම ආපසු දා ගන්න, ඔයා වෙන කොහේවත් යන්නෙ නැහැනේ. කරාබු දිගටම දැම්මෙ නැත්නම් සිදුරු වැහිලයයි" ඇය පිළිතුරු දුන්නාය.
අවසානයේ ඇය මගේ කන් සිදුරු කර එකම අඩුවවූ කරාබු යුවලද මට පැළඳුවාය. නිල් පැහැය ගත් එය චලනිගේ ප්‍රියතම එක වූ අතර මට කන්නාඩියෙන් මගේ ඇස් ඉවතට ගැනීමට දැඩි ආයාසයක් යෙදීමට සිදුවිය.
තරුණියකමෙන් සම්පූර්ණයෙන්ම මා ඇඳ පැලඳගත පසු ඇය,
"දැන් චලනිට මොකද හිතෙන්නේ" ඇසුවාය.
ඇය මගේ සිත දන්නා නිසා මට ඇයගෙන් සැඟවීමට කිසිවක් නැත.
"හැඩයි" මම කීවාය.
"ඔයා ආසද මේ වගේ හැඩට අඳන්න?" පිළතුරු දීමට අපහසු දෙයක් ඇය මගෙන් ඇසුවාය.
මම මගේ ඔලුව වනා ඇයගේ අදහසට කැමැත්ත පළකලෙමි.
එදායින් පසුම මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. සැමදාම මා වැඩ ඉවරවී ගෙදර පැමිනෙන විට ඇන්ටි මට චලනිගේ ඇඳුමක් සූදානම්කර තිබුනි. මම ඒවා ආසාවෙන් ඇන්ඳෙමි.
සති කිහිපයක් ගතවන විට මා චලනිගේ චරිතයට යසිරුට වඩා ඇලුම් කරන්නට විය. ඇන්ටිට යසිරු අමතක වූ අතර ඇය මට සැලකුවේ චලනි ලෙසය. මේ නිසා මා සහ ඇය අතර වූ බැඳීම දිනෙන් දින වැඩිවිය. මමද ගෙදරදී සැමවිටම හැසිරුනේ චලනි ලෙසය.
ඇය කී පරිදි දැන් මට අඩිය උස පාවහන් පැලඳ ඇවිදීමට අපහසු තාවයක් නැත. මා එසේ ඇවිදින විට නොවැටී සිටීමට මට මගේ නිතඹ පසු පසට යොමු කිරීමට සිදුවිය. එය කන්නාඩියෙන් දැකීමට මම සැමවිටම ආශා කලෙමි
මෙසේ සති මාස බවට පෙරලෙද්දී මගේ ජීවිතයේද විවිදාකාර පෙරලි ඇතිවිය. දවසක් රාත්‍රියේ මා නිදාගැනීමට සැරසෙන විට ඇන්ටී පැමිණ,
"චලනි, මේ ඇඳුම් ඇඳල නිදගන්න බලන්න, ඔයා කැමති වෙයි" කියා මා අත ඇඳුම් කීපයක් තබා ගියාය.
ඇඳම් පරීක්‍ෂා කළවිට එහි තිබුනේ චලනි අඳින ලද නිදන ඇඳුමකි. ලා රෝසපාට නයිටියක් සහ එයට උඩින් අඳින උඩ ඇඳුමද එහි විය. ඉතා සිනිඳු ඇඳුමක් වූ එය දෙපාරක් නොසිතා මම ඇඳගත්තෙමි.
ඇන්ටිගේ උපදෙස් අනුව මා සතියකට දෙවරක් ඇය දුන් තෙල් ඇඟේ තවරා නා ගැනීම නිසා බොඩි හෙයර් වැවීම සම්පූර්ණයෙන් නැවති සම සුමට වී තිබින. එයට අමතරව මුහුනේද ඇය දෙන ලද අනික් තෙල දිනපතා ආලේප කිරීම නිසා රැවුල වැවීම නැවතී මුහුණටද ප්‍රසන්න පෙනුමක් ලැබී තිබිණි.
චලනි කාලයක් අදින ලද එකක් නිසාත් මෑතදී සම සුමට වීම නිසාත් නයිටිය ඉතා සැපදායක විය.
එයට අමතරව එහි තිබූ සුවඳටද මම ප්‍රිය කලෙමි. චලනිගේ ඇඳුම් වලට කාවැදී තිබූූ ඒ සුවඳ මටද ලබා ගැන්නේ කෙසේදැයි බොහෝ විට මම කල්පනා කලෙමි. සුවදායක නින්දකින් පසුව පසුවදා මා නැගිට ඇය මුනගැසුනන විට,
" කොහොමද ඊයෙ හොඳට නින්ද ගියාද" ඇය අසන්නේ නිදන ඇඳුම බව මම දනිමි.
"ඔව් මළා වගේ නින්ද ගියා" මම කීවෙමි.
"තව ඇඳුම් වගයක් තිබුන මම කාමරයෙන් තියන්නම්"
ඉන්පසුව මට චලනි අඳින ලද නිදන ඇඳම් ලැබුන අතර දිනපතා ඒවා ඇඳ නිදා ගැනීමට මම පුරුදු වීම.
මුලදී පිටින් කෑම ලබා ගත්තත් පසුව ඇන්ටි විසින් පිසනු ලැබූ කෑම මට ලබා ගත හැකි විය. කිසි විටෙක කෑම පළියෙල කිරීම සඳහා ඇය මගේ උදවු ඉල්ලුවේ නැත. නමුත් ඇය මට චලනි ලෙස සලකන්නට වූ විට ඇයගේ ආකල්පය වෙනස් විය.
කෑම පිසනවිට මා ගෙදර සිටියහොත් මටද කුස්සියට එන ලෙස ඇය ඉල්ලා සිටියාය. මුළදී එලවලු සුද්ද කිරීමත් හිරමනය භාවිතා කර පොල්ගෑමත් මට පවරන ලදී. විශේෂයෙන්ම පොල්ගෑමේදී මා වාඩිවනවිට ගවුමේ යට කොටස හෝ සාය පොඩි නොවන ලෙස අත් දෙකෙන් සාද වාඩිවීමත් කකුල් දෙකම දිගහැර එක පසට දමා හිරමනය උඩ වාඩිවීමත් ඇය මට අනිවාර්‍ය කලාය.
පුටුවක වාඩිවීමේදීද සාය සාදා කකුල් ලන්කර වාඩිවී සිටීමට මට සිදුවිය. ගවුමක් හෝ සායක් ඇඳ කකුලක් උඩ කකුලක් තබා වාඩිවීමටද ඇය ඉඩදුන්නේ නැත. ඇය කීවේ සාරියක් ඇඳ සිටීනම් පමනක් එසේ වාඩිවීම උචිත බවය. මුළදී අපහසු වූවත් පසුව සැම විටම ඇය කී පරිද වාඩි වීමට මා පුරුදු විය. වැඩකරන තැනේදීද මෙසේ වාඩිවීම නිසා අනික් අය ඉදිරිපිට මා අපහසු තත්වයට පත්වූ අවස්තාද විය.
මුලදී උනන්දුවක් නොතිබුනත් පසුව විවිද පාට සහ මෝස්තර උපයෝගී කර මසන ලද ගවුම් සහ සායවල්වලට මගේ රුචිකත්වය වැඩිවන්නටද විය. මට අල්මාරි විවෘත කර ඇඳුම් තෝරා ගන්නටද ඉඩ ලැබීම එයට පිටිවහලක් විය. එසේ තෝරන විට සාරි කිහිපයක් සහ චලනි පාසලට අඳින ලද සුදු ගවුම් දෙකක්ද මට සමුවිය. පාසල් ගවුම ඇඳ මට බාලිකා පාසලකට යන්න තිබුනානම් යන අදහස මගේ සිත තුලට පළමුවරට ඇතුලුවිය.
අල්මාරිය විවෘත කර ඇඳුමක් එලියට ගන්නා සැමවිටම මගේ ඇස යොමුවූයේ මේ සුදු ගවුම් වෙතටය. මුලදී සුදු ගවුමක් එලියට ගෙන එය ඇඟට තබා හැඩ බැලුවත් පසුව එය ඇඳ බැලීමට සිත්විය. නමුත් ලැජ්ජාව නිසා ඇන්ටිට මෙය කීමට මට සිතුනේ නැත.
ඇන්ටි සතියකට වරක් බැන්කු කටයුතු සහ අනෙක් අවශ්‍ය දේ මිළදී ගැනීම සඳහා ගෙදරින් පිටත පැය කිහිපයක් ගතකලාය. මා ගෙදර සිටි ඇය පිටතට ගිය දවසක පාසල් ගවුම පලමුවරට ඇඳ බැලීමට මට හැකිවිය.
අල්මාරිය තුල හොඳින් අසුරා තිබූ පාසල් ගවුම සහ යට ඇඳම් ඉවතට ගත් මා පළමුව සුදු පෑන්ටියත් බ්‍රා එකත් ඇඳගත්තෙමි. ඉන්පසුව සුුදු යට සායත් ස්ලිප් යට ගවුමත් ඇඳ කණ්නාඩිය ඉදිරිපස පැය භැගයක් පමණ හැඩ බලමින් සිටියෙමි. පාසල් ගවුම ඇඳ එහි බඳ පටිය බැඳ ටයි එකද පැලඳ ගත්විට කොණ්ඩය කරල් දෙකකට ගෙතීමේ අවශ්‍යතාව මතුවිය.
කණ්නාඩිය ඉදිරිපිට සිටගත් මා පනාව ගෙන කොණ්ඩය දෙකට බෙදා වෙන්කර කොණ්ඩයේ එක භාගයක් පපුවේ මැදට තිබෙන්නට හැර හිස පිටුපසින් පටන්ගෙන ගොතන්නට පටන් ගත්තේය. කොණ්ඩයේ කෙළවර කලුපාට රිබන් පටියකින් බැඳගත් මා කොණ්ඩ කටු භාවිතාකර හිසෙහි කොණ්ඩය හසුරවා කොණ්ඩයෙහි ඉතිරි භාගයද එලෙසම ගොතා තැබුවාය. අවසානයේ චලනි භාවිතා කරන ලද සුදු සපත්තු යුගලයද පළඳා ගොතන ලද කොණඩ කරල් දෙක ඉදිරි පසින් පපුව උඩින් තබා නැවතත් කණ්නාඩිය තුලින් නැරබූවිට දුටුවේ නවයොවුන් පාසල් යන තරුණියකි. මොබයිල් දුරකථනයෙන් සෙල්පියක්ද ගත් මා පැය දෙකකට පමණ පසු අකමැත්තෙන් වුවද ගවුම සහ යට ඇඳුම් ඉවත්කර පෙරපරිදි අල්මාරියේ අසුර තැබුවේය.
සියල්ල මසේ සිදුවුවත් මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරන දිනයද අවසානයේ උදාවිය.
Tags:
චලනි