ඇන්ටීගේ කතාවට අනුව වයස අවුරුද දහ නමය වනවිට චලනි සමාජ ජාලා භාවිතය සඳහ ඇබ්බැහි වී තිබිනි. සාමාන්‍යයෙන් සිත් ඇද ගන්නා රූපයක් ඇයට උප්පත්තියන්ම ලැබුනත් සමාජ ජාලා භාවිතයෙන් පසුව ඇය එයින් තෘප්තිමත් වූයේ නැත. ඇයගේ අම්මා සහ සීයා වෙදකම් සහ ගුරුකම් හොඳින් හදාරා සිටිබව ඇය දැන සිටියාය. නමුත් ඇයගේ සීයාමෙන් ඇයගේ අම්මා එම දැනුම භාවිතා කලේ නැත. මේ නිසා වයස අවුරුද දහ නමය වන විට ඇයට එම දැනුම අම්මාගෙන් ලැබුනේ ස්වල්ප වශයෙනි.
මේනිසා ඇයගේ හැඩරුව වෙද සහ ගුරු කම් වලින් වැඩිකර දෙන ලෙස ඇය නිතරම ඇන්ටිට කරදර කරන්නට වූවාය. නමුත් ඇන්ටීගේ තීරනය වූයේ ඇය ඇයගේ උපතින්ම ලද රූ සුපුව තබා ගත යුතු බවයය. මේ නිසා චලනි ඇයගේ මවටද හොරා තනිවම ගෙදර තිබූ පොත් සහ පුස්කොල පොත් කියවා එවායේ තිබු ප්‍රතිකාර අත්හදා බලන්නට පටන් ගෙන තිබිනි. නමුත් එම ප්‍රතිකාර හරියට නොකලහොත් ඇතිවන ප්‍රතිවිපාක ගැන ඇය සැලකිල්ලක් දක්වා නැත. විශේෂයෙන්ම ගුරුකම් කිරීමේදී ඇය සැලකිලිමත් වී නැත.
කෙසේ වෙතත් අවසානයේදී ඇයගේ උත්සාහය සාර්තකවී නොමැති අතර ඇයට ප්‍රති විපකවලට මුහුන පාන්නට වී ඇත. ඇය කෙට්ටු වෙමින් විකෘති තත්වයකට පත්ව ඇත. මුළදී ඇන්ටී එය චලනිගේ ස්වාභාවික ලෙඩක් සේ සැලකූවත් පසුව චලනි සම්පූර්න විස්තරය පැවසූවිට බයවී ඇයට ප්‍රතිකාර කර ඇත. නමුත් චලනි කිසිම පළපුරුද්ක් නැතිව කරන ලද ගුරුකම් වල පලවිකාපවලට ප්‍රතිකාර ඇන්ටිටද කලනොහැකිවී ඇත. අවසානයේදි චලනි මරණයට පත්වී ඇති අතර මැරෙන විට ඇය අඳුනා ගත නොහැකි ලෙස විරූපවී දර කොටයක ස්වභාවයක් ගෙන ඇත.
චලනි මළ ස්වභාවය නිසා ඇන්ටීට මෙය කිසිවකුට කිව නොහැක වී ඇත. අවසානයේ ඇය සිරුර පුලුස්සා අලු මිහිදන් කර ඇත. එයට අමතරව චලනි ඇය සමග අමනාපවී ගෙදරින් පිටව ගොස් ඇති බවට ප්‍රචාරය කරද ඇත.
චලනිගේ මා නොදත් කතාව මට පැවසූ ඇය ඉන් නොනැවතී කතාව දිගටම කරගෙන ගියාය.
චලනිගේ අකල් වියෝවෙන් පසු ඇන්ටී ඉතා අසරනව ජීවත්වී ඇති අතර චලනිට සිදුවු අකරතැබ්බය කිසිවෙකුටත් කිව නොහැකි තත්වයකට ඇය පත්ව ඇත. ඇන්ටිට හිතවත් මා රැකියාව කරන පුද්ගලයකුගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි නිසා මට නවාතැන් දීමට එකඟවී ඇත.
මා ගෙදර නැවතී සිටීම ගැන මුලදී ඇයට කැමැත්තක් තිබී නැති අතර මා කොණ්ඩය වැවීමත් සමහර වේලාවට මම චලනි කැමතිදේට ආශා කිරීමත් නිසා පසුව ඇය මට ප්‍රියකිරීමට පටන් ගෙන ඇත. මා චලනිගේ දින පොත් කියවූ බවත් සමාජ ජාලවල ගිනුම් හරහා චලනිගේ පුද්ගලික දේවල් දැන ගත් බවත් ඇය දැන සිටියේ නැත. මා සමහර වේලාවට චලනි ලෙස හැසිරීම නිසා මට චලනිගේ ආත්මයට සම්බන්ද වීමට හැකියාව ඇතිබවට ඇයට සැක සිති ඇත. විශේෂයෙන්ම චලනිගේ මරණය ස්වාභාවික නොවීමත් ගුරුකම එයට සම්බන්දවීමත් හේතුවිය. චලනිගේ ආත්මය මගේ සිරුර හරහා ඇය හා සම්භන්ද වීමට උත්සාහදරන බවට ඇය අවසානයේ තීරණය කර ඇත.
මා චලනි ලෙස හැසිරීමේදී ඇය මා තුලින් චලනි දැක ඇත. මේ නිසා මට චලනිගේ ඇඳුම් ඇන්දවීමට ඇයට සිතී ඇත. එයට මා පොලඹවීම සඳහ ඇය මගේ කෑමට අයුර්වේද බෙහත්ද එකතු කර ඇති අතර. බෙහෙත්වල බලපෑම නිසා මට කාන්තා ඇඳුම් වලට ඇති කැමැත්ත වැඩිවී තරුණියක් ලෙස හැසිරීමට තිබෙන ආශාවද වැඩිවී ඇත. බෙහෙත්වල අතුරු ආබාධ ලෙස මගේ තට්ටම් පෙදෙස වැඩී පුලුල් වීමත් ඉඟ පෙදෙස පොඩිවීමත් වී ඇත. මේ නිසා මා චලනිගේ ඇඳුම් ඇඳීමේදී ඒවා මට හොඳින් ගැලපීද ඇත.මා වෙන පෙදෙසක රැකියාවකට යනබව කී විට ඇයට එය දරා ගත නොහැකිව මගෙන් චලනි වීමට කැමතිදැයි අසා ඇත.
ඇය කතාව අවසන් කලපසු මා,
"මාව චලනි බවට පත් කරන්නේ ගුරුකම් සහ බෙහෙත්වලින් නිසා මටත් චලනිට වුනදේ වෙන්න පුලුවන්නේ"
"නැහැ ඒක හරි විදියට කලොත් එහෙම වෙන්නෙ නැහැ" ඇය කීවාය.
"ඒ කියන්නෙ ඇන්ටි වැරදුනොත් මටත් වෙන්නෙ චලනිට වුනුදේ?"
"ඔයා මන්කියන විදියට වැඩ කලොත් කිසිම කරදරයක් වෙන්නෙ නැහ, කල්පනා කරල කියන්න" කියා කාමරයෙන් ඇය පිටව ගියාය.
ඊයේද මට ප්‍රෂ්නයකට පිලිතුරු සෙවීමට තිබිනි. එනම් රැකියාව සඳහා වෙනත් පෙදෙසකට යනවාද නැද්ද කියා තීරනය කිරීමය. අද ඇත්තේ ඊටත් වඩා සන්කීර්න ප්‍රෂ්නයකි. එනම් චලනි ලෙස මගේ ජීවිතය වෙනස් කරගන්නවද නැද්ද යන්න තීරනය කිරීමය. හෙට නිවාඩු දිනයක් නිස කල්පනා කිරීමට කාළය තිබීම මගේ සතුටට හේතුවිය.
පලමුව මම යසිරු ගැන සිතා කල්පනා කලෙමි. කුඩා කාලයේ සිට මට සතුට කියන දෙය තිබුනේ නැත. අම්මාගේ මරණය, තාත්තාගේ මරණය, කුඩම්මාගේ කැනහිලිකන්, නෑයන්ගේ නොසැලකීම, ගෙදරින් පිටවූ පසු රැකියාවක් සොයගැනීමේ කරදර, දැනට තිබෙන රැකියාවේ ස්ථිර නැතිවීම සහ කුඩා පඩියකට වැඩකිරීම ආදී නොයෙක්දේ මගේ සිතට ආවේය.
ඉන්පසු මම චලනි ගැන සිතීමි.
ඇයගේ දින පොත සොයාගැනීමත් සමග එය ආසවෙන් කියවීම, ඇයගේ සමාජජාලා ගිනුම්වලට නිතරම පිවිසීම, ඇය ආසකල දේට ආසකිරීම සහ ඇයමෙන් හැසිරීම, පසුව ඇයගේ ඇඳුම් ඇඳීම, මගේ සිතට ආවේය. මේ සියල්ල මම ආසාවෙන් කලෙමි. ඇන්ටි මගේ කෑමට බෙහෙත් එකතු කළබව කීවිට මට ඇය ගැන තරහක් ඇතිවූයේ නැත. ඇය ඒ කල දෙයින් මා ලැබුවේ සතුටකි. තරුණියක් ලෙස ඇඳුුම් ඇඳගත් පසු මට තිබූ කලකිරීම නැතිවිය.
එයට අමතරව මා චලනි වුවහොත් මගේ අම්මා වන්නේ ඇන්ටිය. ඇන්ටිගේ පවුලේ අය මගේ නෑයන් වෙයි. මගේ ආර්ථික ගැටලු විසඳෙන අතර මට උසස් අධ‍්‍යාපනයද ලබා ගත හැකිවෙයි. මේ සියල්ලම සිතට එනවිට මම ඇන්ටිට කරන්නේ බොරුවක්ද යන්න යන වරදකාරී හැඟීමක් ඇතිවිය. ඇන්ටි සහ මම දෙදෙනාම සතුටෙන් සිටීනම් එහි ඇති වරද කුමක්දැයි තවත් වේලාවක සිතිනි. අවසානයේදී චලනි ලෙස සිටීමටත් දසුන් සම්පූර්නයෙන් සිතින් ඉවත් කිරීමටත් මම තීරනය කලෙමි.
පසුදා මම මගේ තීරණය ඇයට කීවිට, ඇය
"මම දැනගෙන හිටිය, ඒකයි මම බය නැතිව ඇහුවේ. චලනිගේ ආත්මය ඔයාට දැන් ලැබිල තියෙන්නේ, ඔයාට එයාව ප්‍රතික්‍ෂේප කරන්න බැහැ."
මම ඇය කීදෙය පිලිනොගත්තත් එයට කිසිවක් කීවේ නැත. ඇයට ඇගේ විස්වාසය තබාගැනීමට ඉඩ දුන්නෙමි.
මට තිබූ අවසාන පැනයද මම ඇයගෙන් ඇසුවෙමි.
" ඇන්ටි මම චලනි වුනාම පිරිමියෙක්ව සිටි මගේ මොනවද ඉතිරිවෙන්නෙ"
"මොනවත් නැහැ" ඇය සිනාසෙමින් කීවාය.
පසුදා වැඩට ගිය මම රැකියාවෙන් ඉවත් වී අයිතිකරුට මා නැවතත් මගේ ගමට යන බව කීවෙමි. එයට අමතරව මා නැවතීසිටි ස්ථානය අවට විසූ මා අඳුනන අයටද සමුදුන්නේය. සවස ගෙදර ගිය විට ඇන්ටි මගෙන් රැකියාව පිලිබඳව විස්තර විමසා,
"ඔයාට මම කියන තුරු ගෙදරින් එලියට යන්න බැහැ. යසිරු තවත් මෙහෙ නැවතිල ඉන්නෙ නැතිබහ අනික් අය දැනගන්න ඕන."
"අනික යසුරුගෙ සියලුම දේවල් බෑග්වල දාලා වෙන තැනක තියන්න ඕන. යසුරු තවත් මේ ගෙදර නැතිනිසා ඒ කාමරයේ කිසි දෙයක් තියන්න බැහැ."
ඇන්ටීගේ ඉල්ලීම පරිදි මම මා සතු සියලුදේ ගමන් මලුවල අසුරා ගෙදර වෙනත් ස්ථානයක තැබුවෙමි.
නැවත මා ඇමතූ ඇය,
"අද ඉඳල ඔයා ඉන්නෙ චලනිගෙ කාමරයෙ, අනික ඔයාට මට අම්ම කියල කියන්න පුරුදු වෙන්න වෙනවා"
ගෙදරින් පිටතට ගිය මම ඇඳසිටියේ මගේ පිරිමි ඇඳුම් ය. චලනිගේ (මගේ) කාමරයට ගොස් අල්මාරි විවෟත කල මා ඒවා පරීක්‍ෂාකර යට ඇඳුම් සමග මා මීට පෙර අඳින නොලද දිග සායක් සමග බ්ලව්ස් එකක් ඉවතට ගත්තාය.
පෑන්ටිය ඇඳ යට සාය ඇඳගැනීමට සූදානම් වන විට කාමරයට පැමිණි ඇන්ටි,
"චලනි දැන් ඔය හරියට පිලිවෙලකට අඳින්න ඕන" පවසා මට පිලිවෙල කියා දුන්නාය.
යට සාය හිස තුලින් දමා එය පපුව පෙදෙසේ රඳවා තබා බ්‍රා එක අන්දවා යට සාය පහලට ගෙන ගියාය. ඉන්පසුව බ්ලව්සය අන්දවා අවසානයේ දිග සාය ඇඳ ගැනීමට සැලස්වූවාය.
මා ගලවා දමන ලද ඇඳුම් අසුරා කාමරයෙන් ඉවත් කිරීමට අතට ගත්විට නැවත මට පිරිමි ඇඳුම් ඇඳීමට නොහැකිවන බව සිතට ආ නිසා දුකක්ද ඇතිවිය.
මගේ ඉන දක්වා දික්වු කොන්ඩය තනි කරලට ගොතා එහි කෙලවර රබර් පටියකින් බැඳ සිහින් පටි සහිත සෙරෙප්පු යුවලක්ද පැලඳ චලනිව නැරඹීමට මම කණ්නාඩිය ඉදිරිපසසට ගියෙමි.
ඇන්ටි කී පරිදි මේ මොහොතේ සිට යසිරු කියා කෙනෙක් මේ ගෙදර නැත. ඉන්නේ චලනිය. මා සිටිනා කාමරය සහ එහි තිබෙනා සියල්ල මගේය. එයට අමතරව චලනිගේ සමාජ ජාලා ගිනුම්ද මා සතුවෙයි. ඉදිරියේදී එම ගිනුම් මට පරිහරනය කිරීමටද ලැබෙනු ඇත.
ඇන්ටී සිතා ඇත්තේ චලනිගේ ආත්මය මගේ සිරුරට පැමිණ ඇත කියා වූවත් එය එසේ නොවන බව දන්නේ මා පමණි. මේ නිසා මමද අද සිට යසිරු සම්පූර්ණයෙන්ම මගේ සිතෙන් ඉවතලා චලනි ලෙස සිතා සැමවිටම කටයුතු කිරීමට තීරනය කලෙමි.
රෑ කැමෙන් පසුව ඇන්ටි මට කතාකර මා දිනපතා ගතයුතු බෙහෙත් වර්ග සහ ඒවා ගතයුතු වේලවන් මට පැහැදිලි කර දුන්නාය. එයට අමතරව ඇය මට දිනපතා කලයුතු වැඩ ගැන කාළසටහනක්ද දුන්නාය.
"චලනි, වැඩට යන්නෙ නැතිව ගේ ඇතුලටම වෙල ඉන්න නිසා ඔයාට එපාවෙයි, ඒකනිසා කාළසටහනට අනුව වැඩකරන්න පුරුදු වෙන්න. එතකොට කාළය යනඑක තේරෙන එකක් නැහැ"
"ඔයාට ඉස්සරහට ඒක ප්‍රයෝජන වේවි." ඇය කීවාය.
මම කාළසටහන අතට ගෙන එහි ලියා තිබූ දෑ කියෙව්වෙමි.
උදය පාන්දර නැගිටීම, ඇන්ටිට කෑම පිලියෙල කිරීම සඳහා උදවු කිරීම, ගෙය අතුගා පිලිවෙලකට තබා ගැනීම, රෙදි සේදීම, ඇඳුම් මැසීමට පුහුණු වීම සහ තවත් දේ එහිවිය.
Tags:
චලනි